Microsoft සමාගම හා Apple සමාගම අතර Laptop පරිගණක සඳහා වූ marketing යුද්ධය ටික කාලයක් පුරාවට දැකගැනීමට අපට නොහැකි වූ නමුත් ඔන්න දැන්, Microsoft සමාගම විසින් නැවතත් අමුතු ආකාරයේ වෙළඳ දැන්වීමක් නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම වීඩියෝවේ සිටින පුද්ගලයාගේ සැබෑ නම Mackenzie Book නම් වන අතර, "Mac Book" යන කෙටි නමින් ඔහුගේ මිතුරන් ඔහුව නිතර ඇමතීමට භාවිතා කරනු ලබනවා. මේ වන විට මාධ්‍යය හරහා මෙම වීඩියෝව භාවිතා කරමින් Surface Laptop 2 එක වෙනුවෙන් විශාල ප්‍රචාරයක් ලබාගැනීමට Microsoft සමාගම සමත් වී තිබෙනවා.

මෙම පුද්ගලයා ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වන අතර සැබෑ MacBook පරිගණකයකට සාපේක්ෂව built quality එක, performance සහ touch screen පහසුකම සසඳමින් Apple MacBook පරිගණකයට වඩා Microsoft Surface Laptop 2 එක හොඳ බව පෙන්වාදෙන Mac Book, අවසානයේ “You should get a Surface — trust me, I’m Mac Book,” යනුවෙන් ද පවසනවා.

මේ අනුව "Mac Book says, get a surface" යන caption එක යටතේ මෙම වෙළඳදැන්වීම ලොව පුරා ප්‍රචාරය වෙනවා.


Microsoft සමාගම සහ Apple සමාගම අතර පවතින් මේ ප්‍රචාරණ යුද්ධය මෙම video එකට සීමා නොවන අතර, පහත video එක හරහා ඊට අදාල වෙළඳදැන්වීම් ගණනාවක් නැරඹීමේ හැකියාව තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය හා 9to5mac වෙබ් අඩවිය භාවිතා කළ හැක.