Microsoft සමාගම විසින් ඔවුන්ගේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය වන Windows 11 සංස්කරණය පසුගියදා එළිදැක්වීමට කටයුතු කළ අතර, මේ වන විට එහි preview සංස්කරණයක් ද නිළ වශයෙන් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස නිකුත් කළ preview සංස්කරණය ‍ලොව පුරා පරිගණක වල ස්ථාපනය කිරීමට සහ පරීක්ෂා කිරීමට බොහෝ දෙනා කටයුතු කර ඇති ආකාරය දැනටමත් දැකගතහැකි වන අතර, මේ වන විට මෙම Windows 11 සංස්කරණය Windows Phone එකක ස්ථාපනය කිරීමට ද ශිෂ්‍යයෙකු සමත් වී තිබෙනවා.

ඉංජිනේරු ශිෂ්‍යයෙකු වන Gustave Monce විසින් Microsoft Lumia 950 XL ජංගම දුරකථනයක මෙලෙස Windows 11 සංස්කරණය ස්ථාපනය කිරීමට සමත් වී ඇති අතර, එය ඉතාමත් හොඳින් අදාල ජංගම දුරකථනයෙහි ක්‍රියාත්මක වන ආකාරය පෙන්වන වීඩියෝවක් ද අන්තර්ජාලයට එකතු කර තිබෙනවා.

මෙය mobile OS එකක් ලෙස ප්‍රයෝගික භාවිතයට සුදුසු නොවුණත්, ඉතාමත් සිත්ගන්නාසුළු කාරණය වන්නේ අඟල් 5.7ක display එකක් ඇති මෙම device එක තුල ද Windows 11 සංස්කරණය ඉතාමත් හොඳින් හැඩගැසෙන ආකාරයත්, සම්පූර්ණ desktop මෙහෙයුම් පද්ධතියක් මෙවැනි mobile device එකක් තුළ ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වීමත් ය.

Windows 11 ධාවනය වන මෙම ජංගම දුරකථනයෙහි සාමාන්‍යය පහසුකම් වන Camera එක ක්‍රියාත්මක නොවන බවත්, ඇතැම් අවස්ථා වලදී Calls සහ SMS පහසුකම් ක්‍රියාත්මක නොවන බව මෙන්ම Battery life එක ඉතා සීඝ්‍රයෙන් අවසන් වන බවත් වාර්තා වෙනවා.

මෙම ව්‍යාපෘතිය මීට වසර 5කට පමණ පෙර සිට ආරම්භ කළ ව්‍යාපෘතියක් වන අතර Windows මෙහෙයුම් පද්ධතිය closed-source software එකක් වන බැවින් එය drivers වැනි දෑ reverse-engineer කිරීමටත්, ඇතැම් drivers ඔවුන් විසින්ම නැවත ලිවීමට කටයුතු කර ඇති බවත් පෙන්වා දෙන Monce ප්‍රකාශ කරන්නේ මෙම ව්‍යාපෘතිය සමඟින් 15 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් සිටින බවයි.

මේ Lumia 950 XL ජංගම දුරකථනය Windows 1o Mobile සංස්කරණය සමඟින් වෙළඳපොලට නිකුත් කළ මුල්ම devices කිහිපය අතුරින් එකක් වන අතර, Microsoft සමාගම විසින් Windows 10 Mobile platform එක අතහැරදමන තුරාවටම ඒ සඳහා සහාය ලබාදීමට Microsoft සමාගම කටයුතු කරනු ලැබුවා.

Status
See what’s currently broken or working with Windows 10 on Lumia 950/950 XLs.

මේ වන විට මෙවැනි devices කිහිපයක් මත සම්පූර්ණ Windows මෙහෙයුම් පද්ධතිය ධාවනය කිරීමට අදාල උපදෙස් සහ එම ව්‍යාපෘති වල දැනට පවතින සාර්ථකත්වය පිළිබඳ තොරතුරු, මෙම ව්‍යාපෘතිය සඳහා වන වෙබ් අඩවියෙහි පළ කර ඇති අතර, ඔබත් මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් එය අත්හදාබැලීමට ඔබටත් අවස්ථාවක් තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Lumia WOA වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.