ලොව පුරා මිලියන 500 ක් පමණ දෙනා භාවිතා කරන Telegram සේවාව සඳහා Screen Sharing විශේෂාංගයක් සහ Group Video Calls විශේෂාංගයක් ඇතුලුව තවත් විශේෂාංග කිහිපයක් හඳුන්වාදීමට Telegram ආයතනය මේ වනවිට කටයුතු කර තිබෙනවා.

Group video calls

මීට ඉහතදී, Telegram සේවාව සඳහා Group Voice Chat පහසුකම හඳුන්වාදීම පිළිබඳව පල කල ලිපියේදී Telegram වෙත එකතු වීමට නියමිතව තිබූ මෙම Group Video Calls පහසුකම ගැනත් අප ඔබව දැනුවත් කලා මතක ඇති.

Telegram හරහා Radio Station එකක් පවත්වාගෙන යාමේ හැකියාව ලබාදෙන Telegram Voice Chat 2.0 පහසුකම එළිදක්වයි
අනෙකුත් messaging platform වලට දැඩි තරගයක් ලබාදෙමින් නිතර නිතර අලුත් පහසුකම්සමඟින් updates නිකුත් කරන Telegram [http://telegram.org/] විසින් මෙවරද තමපරිශීකලයන් හට messaging platform ඉතිහාසයේ වාර්තාවක් තබමින් සාමාජිකයන් අසීමිතප්‍රමාණයක් දක්වා සහභාගි විය හැකි Voice Chat 2.0 පහසුකම[https://telegram.org/blog/voice-chats-on-steroids…

Telegram සේවාව වෙත හඳුන්වාදුන් මෙම Group Video Calls පහසුකම අප මීට පෙර ඔබට දැනුවත් කළ Telegram Voice Chat පහසුකමේ තවත් අමතර පහසුකමක් ලෙස හදුන්වාදී තිබුණත්, Voice Chat වලදී ලබාදෙන අසීමිත පරිශීලකයන් ප්‍රමාණයකට සම්බන්ධවීමේ හැකියාව මෙම Group Video Calls පහසුකම සඳහා නොලැබෙන අතර මෙහිදී උපරිම වශයෙන් සම්බන්ධ විය හැකි පුද්ලගයන් ප්‍රමාණය 30 කට සීමා වෙනවා.

View post on imgur.com

කෙසේ නමුත් මෙම ප්‍රමාණය ඉදිරියේදී ඉහළ දැමීමට බලාපොරොත්තු වන බව Telegram ආයතනය කියා සිටින අතර මෙම Group Video Calls පහසුකමත් අනෙක් පහසුකම් ආකාරයටම සරල හා වර්ණවත් පෙනුමක් සමඟින් පරිශිලකයාගේ වැඩි ආකර්ශනයක් ලබා ගන්නා ආකාරයට නිර්මාණය කිරීමට Telegram ආයතනය සමත්ව තිබෙනවා.

Screen Sharing

ඉහත සඳහන් කල Group Video Calls පහසුකමට සමගාමීව Online Office Conference සහ Online Classes වැනි කටයුතු Telegram App එක හරහාම වඩාත් පහසුවෙන් කරගැනීමට හැකියාව ලබා දෙමින් Screen Sharing පහසුකමක්ද හඳුන්වාදීමට Telegram ආයතනය කටයුතු කර ඇති අතර මෙම පහසුකම හරහා පරිශීලකයන් හට ඔවුන්ගේ Screen එක Group Video Call එකට සම්බන්ධ වී සිටින අනෙක් පරිශීලකයන් සමඟ ඉතා පහසුවෙන් Share කරගැනීමට හැකියාව ලැබෙනවා.

View post on imgur.com

එමෙන්ම අවශ්‍යතාවය පරිදි camera feed එකත් සමඟම Screen එක share කර ගැනීමටත් Screen Share කර ගැනීමේදී තමා තෝරා ගන්නා Window එකක් පමණක් Share කිරීමේ හැකියාවත් මෙහිදී ලබා දී තිබෙනවා. ඊට අමතරව, Group Video Calls හරහා Game Streaming කිරීමටද මේ හරහා හැකියාව ලැබෙනවා.

Inbuilt Noise suppression

Telegram හරහා Voice Call එකක් හා සම්බන්ධව සිටීමේදී බාහිරින් ඇසෙන අනෙකුත් ශබ්ද filter කීරීමට හැකි පහසුකමක් ද මෙම නව update එකත් සමඟ හදුන්වාදී ඇති අතර එය Noise suppression නමින් හදුන්වා දී තිබෙනවා.

මෙය භාවිතා කරන්න‍ාගේ අවශ්‍යතාවය පරිදි Turn On කර ගත හැකි අයුරින් නිර්මාණය කර ඇති අතර මෙම පහසුකම භාවිතයෙන් ඝෝෂාවක් සහිත අවස්ථාවකදී වුවත් වඩාත් පැහැදිලි සංවාදයක් පවත්වාගෙන යාමට හැකි බව Telegram ආයතනය පෙන්වා දෙනවා.

Tablet සහ desktop සඳහා සහාය

View post on imgur.com

Tablets සහ PCs සඳහා වන Telegram app එක දැන් නව Group Video Calls සහ Screen Sharing විශේෂාංග සඳහාද සහාය දක්වන අතර tablets සහ computers වල තරමක් පුළුල් screens ඇති බැවින් ඔබට පහසුවෙන්ම split-screen view එක මගින් Video Call එකට සම්බන්ධ වී සිටින පරිශීලකයන්ගේ video feed එක grid එකක් ලෙස සහ list එකක් ලෙස දැකගැනීමට options කිහිපයක් මෙහිදී ලබාදී තිබෙනවා.

View post on imgur.com

එමෙන්ම, PCs සඳහා වන Telegram app එකේදී ඔබට සම්පූර්ණ screen එකම share කිරීම වෙනුවට, අවශ්‍ය program එක පමණක් share කිරිමේ හැකියාවද ලබා දී තිබෙනවා.

Animated backgrounds

එමෙන්ම Telegram v7.8 beta version එකත් සමඟ දැකගැනීමට හැකි වූ animated backgrounds විශේෂාංගයද මෙම නවතම update එකත් සමඟ stable channel එක වෙත ලබාදෙමින් පවතින අතර මෙමගින් chat background එකෙහි ස්වයංක්‍රියව animated multi-color gradient backgrounds භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා.

View post on imgur.com

මෙම animated backgrounds සියල්ල default themes වලින් ලබා ගත හැකි අතර, මෙලෙස ලබාදෙන default themes වලට ඔබ අකමැති නම්, ඔබට ඔබේම animated backgrounds නිර්මාණය කිරීමට ද හැකියාව ඇති අතර එම custom animated backgrounds මිතුරන් සමඟ share කරගැනීමේ හැකියාවද මෙහිදී ලබාදී තිබෙනවා.

Telegram Video Calls පහසුකම මේ වන විට Stable Release එකක් ලෙසින් Telegram v7.8 සමඟ Android, iOS, macOS, Telegram Desktop යන සියලුම Platforms වෙත ලබා දී ඇති අතර ඔබට තවමත් මෙම පහසුකම ලැබී නොමැති නම් ඔබ භාවිතා කරන Telegram App එක Update කර ගැනීම මඟින් මෙම පහසුකම් අත්විදීමට ඔබට හැකියාව තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිල Telegram Blog අඩවිය සහ Telegram Info වෙබ් අඩවිය භාවිතා කළ හැක.