2017 වර්ෂයේ පැවති Worldwide Developers Conference (WWDC) එක අතරතුර Valve සමාගමේ සේවාවක් වන Steam විසින් Apple පරිගණක සදහා SteamVR හදුන්වාදීමට කටයුතු කරනු ලැබුවා.

කොහොම නමුත් මේ වනවිට  එමSteamVR සහාය දැක්වීම නැවැත්වීමට Valve සමාගම තීරණය කර ඇති අතර මේ පිළිබදව ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය හරහා නිවේදනයක් ද නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

SteamVR - Supported Platforms - Steam News
SteamVR has ended macOS support so our team can focus on Windows and Linux. We recommend that macOS users continue to opt into the SteamVR branches for access to legacy builds. Users can opt into a branch by right-clicking on SteamVR in Steam, and selecting Properties... -> Betas.

මෙම සහාය නොදැක්වීම පිළිබඳව SteamVR හි news page එකෙහි කෙටියෙන් දක්වා තිබුනේ, "StreamVR තවදුරටත් macOS සදහා සහය නොදක්වන අතර දැන් අපගේ කණ්ඩායමට Windows සහ Linux වෙත අවධානය යොමු කිරීමට හැකි බවයි".

කොහොම නමුත් macOS පරිශීලකයන් හට මෙම සේවාවේ ඇතැම් පහසුකම් තවදුරටත් ලබාගත හැකි වනු ඇති බව The Verge වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ නිළ SteamVR news page එක භාවිතා කළ හැක.