Microsoft සමාගමේ වාර්ෂික event වලින් විශාලතම event එකක් වන මයික්‍රොසොෆ්ට් Build 2020 Developer Conference එක සඳහා නොමිලයේ ලියාපදංචි වීමේ හැකියාව ලබාදීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

දැනට පවතින Corona වෛරස් වසංගතය නිසා මයික්‍රොසොෆ්ට් ආයතනයට මෙම අංගය ගැන මුළුමනින්ම නැවත සිතා බැලීමට කටයුතු කර ඇති නමුත් එය අවලංගු කිරීම වෙනුවට ඕනෑම කෙනෙකුට නොමිලේ ලියාපදිංචි වීමේ හැකියාව සමඟින් මැයි 19 සහ 20 යන දෙදින තුල online event එකක් ලෙස මෙය පැවැත්වීමට නියමිතයි.

Microsoft Build 2020
Join us for the Microsoft Build 48-hour, digital event to expand your skillset, find technical solutions, and innovate for the challenges of tomorrow.
නොමිලයේ register වීම සඳහා මේ වෙබ් අඩවිය භාවිතා කරන්න

එනම් මේ සඳහා වෙනත් අවුරුදු වල ගෙවන ඩොලර් 2,395 ක පමණ මුදල මෙවර ගෙවීමට සිදු නොවන අතර ප්‍රධාන විධායක නිළධාරීවරයා වන Satya Nadella ගේ keynote එක ද online අසන්නට ලැබේවි.

සාමන්‍යයෙන් මෙම event එකට 6,000ක පමණ පිරිසක් සහභාගී වන අතර ගූගල් සමාගම තම Google I/O වැඩසටහන සම්පූර්ණයෙන් නැවැත්වූ මෙම අවස්ථාවේ මෙය virtual වැඩසටහනක් ලෙස ඉදිරිපත් කිරීම වීශේෂ කරුණක් වෙනවා.

පසුගිය වැඩටහන් වලදී Developers ලා ඉල්ලුම් කල පරිදී, මෙහිදී Keynotes එක කෙටි කිරීමට නියමිත අතර (දින දෙකේදීම තිබුනත් කෙටි Keynotes) Developers ලා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වෙන බව Microsoft සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

සමහර Keynotes සජීවීව විකාශය වන අතර ඇතැම් දසුන් පෙර පටිගත කරන ලද එවා වුවත් මෙය online event එකක් නිසාවෙන් නරඹන්නන් හට විශේෂ වෙනසක් දක්නට නොලැබෙනු ඇති බව අපේක්ෂා කරනවා.

පැසිෆික් වේලාවෙන් මැයි 19 පෙරවරු 8ට වැඩසටහන ආරම්භ කිරීමට නියමිත අතර පුරා පැය 48ක කාලයක් මෙය පැවැත්වීමට නියමිත අතර මේ සඳහා ලියාපදිංචිය වීමට මයික්‍රොසොෆ්ට් බිල්ඩ් වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා TechCrunch වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.