ඔබත් නිතරම සංගීතයට සවන් දෙන්න කැමති කෙනෙක් නම් මේ වනවිටත් ඔබ Spotify premium subscription එකක් පාවිච්චි කරනවා ඇති.

Spotify සමාගම විසින් මේ වනවිට, Spotify Plus නමින් තවත් අලුත් plan එකක් හඳුන්වාදීම සඳහා පරික්ෂා කරමින් සිටින අතර මෙම නව plan එක Spotify සතුව මේ වන විට ඇති අනෙකුත් Premium tier වලට වඩා තරමක් වෙනස් වෙනවා.

මෙම නව plan එක දැනටමත් A/B testing සඳහා විවෘත කර ඇති බැවින් ඇතැම් Spotify පරිශීලකයින් හට එය අත්හදා බැලීමට හැකියාව ලැබී තිබෙන අතර Spotify Plus monthly subscription එක $0.99 මුදලකට ලබාගත හැකි බවද වාර්තා වෙනවා.

කෙසේ වෙතත්, Spotify Plus subscription එක Spotify free සහ premium subscription එකෙහි එකතුවක් ලෙස පෙනෙන අතර, එමගින් Spotify free tier එකෙහි ඇති ඇතැම් සීමාවන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

Spotify free tier එක මඟින් ඔබට අවශ්‍ය ඕනෑම album එකක් ඇසීමට හැකියාව ඇති නමුත් එය සහාය දක්වන්නේ shuffle play ලෙස පමණක් වෙනවා. එමෙන්ම, එහිදී ඔබට ලැබෙන්නේ සීමිත skips සංඛ්‍යාවක් වෙනවා. නමුත් මෙම Spotify Plus plan එක ලබාගත් පසුව ads play වන නමුත්, ඒ මගින් ඔබ කැමති ඕනෑම ගීතයකට සවන්දීමට සහ ඔබ කැමති වාර ගණනක් ගීත skip කිරීමට හැකියාව හිමිවෙනවා.

මේ වනවිට පරීක්ෂණ මට්ටමේ පවතින මෙම Spotify plus plan එක තවමත් ලබාගැනීමට හැකියාව තිබෙන්නේ සීමිත පරිශීලකයන් පිරිසක් සඳහා පමණක් වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ GSMArena වෙබ් අඩවිය භාවිතා කළ හැක.