Spotify වෙතින් දැන් trending සහ top podcast track කිරීම සඳහා නව අංගයක් හදුන්වාදීමට කටයුතු කර ඇති බව වාර්ථා වෙනවා.

මෙම හදුන්වා දී ඇති නව charts ද්විත්වයෙන් Trending 50 shows තීරණය කරනු ලබන්නේ එම podcast වලට අලුත් සවන්දෙන්නන් එකතු වන ආකාරයේ වර්ධනය මත වන අතර, podcast 200 ක් දැක්වෙන Top list එකෙහි rank එක තීරණය වන්නේ ඒවාට ලැබෙන traffic එක මත පදනම්වයි.

මෙම charts පහසුකම ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බ්‍රසීලය, කැනඩාව, චිලී, කොලොම්බියාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, ඉන්දුනීසියාව, අයර්ලන්තය, ඉතාලිය, ජපානය, මෙක්සිකෝව, නවසීලන්තය, නෝර්වේ, පිලිපීනය, පෝලන්තය, ස්පාඤ්ඤය, ස්වීඩනය, නෙදර්ලන්තය, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය යන රටවල් 26 සඳහා ලබා දී ඇති අතර එම charts දිනපතා යාවත්කාලීන වනු ඇති බව Spotify ආයතනය පෙන්වා දෙනවා.

ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, ජර්මනිය, මෙක්සිකෝව, ස්වීඩනය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන රටවල Spotify ආයතනය විසින් subject එක අනුව charts 17 ක් ලෙස තවදුරටත් මෙය බෙදා තිබෙනවා.

මෙම නව podcast charts මඟින් වැඩි පිරිසකට ඔවුන්ගේ rankings සහ ratings ඉහළ නැංවීමට උත්සාහ කළ හැකි අතර trending chart මඟින් අසන්නන් හට වඩාත් ජනප්‍රිය shows පමණක් නොව, වඩා ක්‍රියාකාරී මෙන්ම සවන් දෙන්නන් සහිත කුඩා shows ද දැක ගැනීමේ හැකියාව ලැබෙනවා.

මෙම නව වෙනස මගින් හොඳ අන්තර්ගතයන් ඉදිරිපත් කරන podcast නිර්මාණය කරන්නන් හට වඩාත් වැඩි ප්‍රතිලාභයක් ලැබෙනු ඇති බව Spotify ආයතනය අපේක්‍ෂා කරනු ලබනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Spotify Newsroom, Spotify for Podcasters Blog අඩවිය, Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.