ලබන අගෝස්තු 11 වෙනිදා සිට Google ආයතනය විසින් stalkerware apps සහ ඒ ආශ්‍රිත hardware උපාංග පිළිබද වෙළඳ දැන්වීම් තහනම් කිරීමට කටුයුතු කරනු ලබන අතර ඊට අදාල policy update එක මේ වන විට නිකුත් කර තිබෙනවා.

Update to Enabling Dishonest Behavior policy (August 2020) - Advertising Policies Help
  In August 2020, the Google Ads Enabling Dishonest Behavior policy will be updated to

මේ වන විටත් එවැනි දේ සදහා භාවිතා කරන apps, Play store එකෙන් සහ Apple App store එකෙන් ඉවත් කර තිබුනත් තවමත් ඒවා අදාල සමාගමේ හෝ developer ගේ වෙබ් අඩවි හරහා download කරගැනීමේ හැකියාව පවතිනවා.

මෙම policy update එකෙහි වැඩිදුරත් සදහන් වෙන්නේ කෙනෙකුගේ අනුදැනුමෙන් තොරව සිදුකරන text, calls හෝ browser history ආදිය නිරීක්ෂණය කල හැකි spyware මෙන්ම, විශේෂයෙන් තවත් කෙනෙකු නිරීක්ෂණය කිරීම සඳහාම නිර්මාණය කර ඇති dashcam, GPS trakers ආදී උපාංග සදහා වන වෙළඳ දැන්වීම් සහිත accounts මෙම policy එක උල්ලංගනය හමුවේ අත්හිටුවීමට කටයුතු කරනු ලබන බවයි.

මෙම සේවාවන් සහ apps අත්හි‍ටුවීමට Google සමාගම පෙළඹීමට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ, මේවා හරහා ලබාගන්නා තොරතුරු නිසාවෙන් ගෘහස්ථ හිංසනය සිදු වීමේ ප්‍රවණතාවය වැඩි වන බව සමීක්ෂණයක් හරහා සනාථ වීමයි.

එමෙන්ම මේ දින වල පැතිරී යන COVID-19 වසංගතය තත්ත්වය හමුවේ හිංසනයට පත්වන පුද්ගලයා සහ හිංසා කරන්නා එකම ස්ථානයක lockdown වී සිටීම වැනි හේතු නිසා මෙම තත්ත්වය තවත් උඝ්‍ර අතට හැරී ඇති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Engadget වෙබ් අඩවිය සහ Mashable වෙබ් අඩවිය භාවිතා කළ හැක