ඔබත් Apple Watch පරිශීලකයෙකු නම්, එමෙන්ම Spotify භාවිතා කරන්නෙක් නම් මේ වන විට ඉතාමත් වටිනා පහසුකමක් ලබාදීමට Spotify සමාගම කටයුතු කර තිබෙනවා.

Spotify Premium plan එකක් භාවිතා කරන Apple Watch පරිශීලකයින් හට music සහ podcasts තමන්ගේ Apple Watch එකට සෘජුවම download කරගෙන, ඒවා offline play කිරීමේ හැකියාව ලබාදීමට Spotify ආයතනය කටයුතු කර තිබෙනවා.

එමෙන්ම මෙලෙස download කරගත් music playlists, albums සහ podcasts Apple Siri හරහා හැසිරවීමට ද හැකියාව ඇති අතර, “Hey Siri, play my Discover Weekly playlist on Spotify.” වැනි විධානයක් හරහා ඒවා සෘජුවම play කරගැනීමට හැකියාව ලැබෙනවා.

Spotify announces offline music downloads for Apple Watch

මේ අනුව තවදුරටත් music වලට සවන්දීම සඳහා ඔබගේ ජංගම දුරකථනය රැගෙන යාම අත්‍යාවශ්‍යයය නොවන බව Spotify සමාගම පෙන්වා දෙනවා.

පසුගියදා පැවති Google I/O event එක අතරතුරදී Google Wear OS එක සඳහා ද මෙම පහසුකම ලබාදීමට මොවුන් කටයුතු කරනු ලබන බව නිවේදනය කර සිටියා.

මෙම පහසුකම ඊයේ (21/05/2020) දිනයේ AppStore හරහා නිකුත් කළ අතර මීළඟ සති කිහිපය ඇතුලත ලොව පුරා සිටින සෑම Spotify පරිශීලකයෙකු හටම ලබාගැනීමේ හැකියාව ලැබෙනු ඇති බව Spotify සමාගම වැඩිදුරටත් නිවේදනය කර සිටිනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Spotify Newsroom වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.