Sharp සමාගම පසුගියදා සිය නවතම Flagship device එක announce කිරීමට කටයුතු කළ අතර එය දැනට තිබෙන සියලුම smart phone brand විසින් නිකුත් කළ Flagship වලට වඩා සුවිශේෂීතාවයන් රැසකින් යුක්ත වෙනවා.

Sharp AQUOS R6 ලෙස නම් කර ඇති මෙම සුපිරි device එක ලෝකයේ පලමු 1-inch Camera sensor එක සහිත smartphone එක බවට පත්වෙන අතර එය සුප්‍රකට Leica සමාගම සමඟ එක්ව develop කර තිබෙනවා.

f/1.9 ක focal length එකක් සහිත මෙම 1-inch camera module එක Leica සමාගමේ “SUMMICRON” title එක යටතේ නිකුත් වෙන අතර එය අඳුරු ස්ථානවල දී පවා high sensitivity එකකින් ඉතා පැහැදිලි photos capture කරගැනීමට අවස්ථාව ලබා දෙයි.

මේ වන විට වෙළඳපොලෙහි ඇති ජංගම දුරකථන වල අඟල් 0.4 සිට 0.8 දක්වා වන image sensors අන්තර්ගත වන අතර, සාමාන්‍යය pixel size එක 0.8um වල සිට 1.4um දක්වා වෙනවා.

මෙම sensor එක හරහා ලබාගන්නා ඡායාරූප වල pixel එකක් මනිනු ලබන ඒකකය 2.4um වන අතර, 1.4um pixel එකකට වඩා 194% ගුණයක් මෙන්ම, 0.8um pixel එකකට වඩා 800% ගුණයක ආලෝකය මෙම එක pixel එකක රඳවා තබාගත හැකි වෙනවා.

මෙම දත්ත process කිරීම සඳහා Qualcomm Spectra 580 image processor එකක් ද මෙහි අන්තර්ගත වන අතර, මේ හරහා noise වලින් අඩු, වැඩි dynamic range එකකින් යුතු professional grade photos ලබාගැනීමේ හැකියාව ලැබෙන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මීට අමතරව 12MP selfie camera එකකින් සහ, under-display fingerprint scanner එකකින් ද මෙය සමන්විත වන අතර, Qualcomm සමාගමේ 3D Sonic Max නම් වන, ඔවුන්ගේ විශාලතම ultrasonic fingerprint scanner එක මෙහි අන්තර්ගත වෙනවා.

මෙම finerprint sensor එක අන්තර්ගත වන ලොව පළමු smartphone එක වන්නේ ද Sharp AQUOS R6 ජංගම දුරකථනය වන අතර, මේ අලුත් fingerprint scanner එක පළමු 3D Sonic scanner එකට වඩා 12x ගුණයකින් ද, 2nd generation 3D Sonic scanner එකට වඩා 9x ගුණයකින් විශාල බව Qualcomm සමාගම පෙන්වා දෙනවා.

ඒ වගේම මෙහි තිබෙන 2,730 x 1,260px resolution එකකින් යුතු “Pro IGZO OLED” panel එකකින් සමන්විත screen එක මෙතෙක් නිකුත් වී ඇති කිසිඳු ජංගම දුරකතනයක දක්නට නොලැබෙන අතර මෙම සුපිරි තිරය 1hz වල සිට 240hz දක්වා වූ refresh rate එකකට හා 2,000 nits තරම් ඉහළ පරාසයක brightness level එකකට ද සහය දක්වනවා.

ඒ අනුව මෙය දැනට ලොව නිර්මාණය කර ඇති හොඳම ජංගම දුරකථන තිරය වෙන Galaxy S21 Ultra සහ OnePlus 9 Pro යන devices වල ඇති තිරයන් ද අභිබවා යනවා.

මේ ජංගම දුරකථනය Snapdragon 888 chipset එකකින් බළගැන්වෙන අතර, 12GB RAM එකකින් සහ 128GB storage එකකින් යුතු වෙනවා. IPX5 dust සහ IPX8 water resistance certification එක ඇති මෙය 5,000mAh battery එකකින් සමන්විත වෙනවා.

කොහොම නමුත් මෙම ජංගම දුරකථනය ජපානය ඉලක්ක කරගෙන නිෂ්පාදනය කරනු ලබන අතර, මූලිකව ජපාන ජංගම දුරකථන සේවාවන් වලට සහාය දක්වන ලෙස නිෂ්පාදනය කරනු ලබනවා.

මේ අනුව Sharp Aquos R6 ජංගම දුරකථනය NTT Docomo සහ SoftBank යන carrier වලට සහාය දක්වනු ඇති අතර, Sharp සමාගම මෙයි මිළ ගණන් පිළිබඳව තවමත් තොරතුරු අනාවරණය කිරීමට කටයුතු කර නැහැ.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ Qualcomm  වෙබ් අඩවිය භාවිතා කළ හැක.