පසුගිය කාලයේදි Play Store billing සම්බන්ධයෙන් ඇතිවූ නීතිමය ගැටළුකාරී තත්වයන්ට Google ආයතනයට මුහුණදීමට සිදු වූ නිසාවෙන් Google සමාගම විසින් app owners ලා සඳහා ඔවුන්ගේම payment method option ලබාදීමට හැකිවෙන ආකාරයට එම නීතී ලිහිල් කිරීමට කටයුතු කරනු ලැබුවා.

මෙය පරික්ෂා කර බැලීම සඳහා මෙම වසර මුලදී Spotify පරිශීලකයන් හට තමන් කුමන ආකාරයෙන්ද ගෙවිම් කරන්නේ යන්න තේරීමට අවශ්‍ය payment method option එකක් නිර්මාණය කිරීමට Google සහ Spotify ආයතන එක්ව කටයුතු කර තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට පරිශීලකයින්ට දැන් Spotify හි payment option එක භාවිතා කළ හැකි අතර, මෙය මුලින්ම රටවල් කිහිපයකට පමණක් නිකුත් කිරීමට Google සමාගම විසින් සූදානම්ව සිටින නමුත්, දැනටමත් ඇමෙරිකා එක්සත් ජනපදයෙහි ජීවත් වන පරිශිලකයන් හට මෙම පහසුකම අත්විදීමට හැකියාව පවතිනවා.

Spotify app එක තුළ ඇති payment page එක හරහා ඔබට දැන් payment option දෙකක් දැක ගැනීමට හැකියාව ලැබෙන අතර, ඉන් Spotify හෝ Google Play හරහා අදාල ගෙවිම් සිදුකිරීමට හැකියාව ලැබෙනවා.

මෙම නව පහසුකමත් සමඟ අදාල පරිශිලයන්ගේ කැමැත්ත අනුව ඔවුන්ට ගැලපෙන ගෙවීම් ක්‍රමය තෝරාගැනීමට හැකියාව ලැබෙන නිසා, සියලුම apps payment එක තැනක තබා ගැනීමට හෝ ඔබේ family’s payment mode භාවිතා කිරීමට අවශ්‍ය නම්, Play Store billing සමඟ අදාල payment එක සිදුකිරීමට හෝ ඔබගේ Google account වලට සම්බන්ධ නොවන ලෙස payment option එකක් භාවිතා කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අවස්තාවද දැන් හිමිවෙනවා.

ඉදිරි දින වලදී මෙම පහසුකම ලොව පුරා පරිශිලයන් හට භාවිතා කිරීමට හැකිවෙන පරිදි ව්‍යාප්ත කිරීමටද Google සහ Spotify යන ආයතන කටයුතු කරන බවට අන්තර්ජාලය තුල පළවි ඇති වාර්ථා පෙන්වා දෙනවා.


Spotify සේවාව ගැන ඔබට තවදුරටත් දැන ගැනීමට කැමතිනම් අප විසින් ඒ පිළිබඳව පළ කල විස්තරාත්මක ලිපයක් පහත තිබෙනවා.

බිලියන ගණනක් ගීත නොමිලේ ඇසිය හැකි Spotify ගැන දැනගමු
ශ්‍රි ලංකාවේ සිටින බොහෝ පිරිසක් හුරු වි සිටින්නේ තමන්ට ගීතයක් ඇසීමට අවශ්‍ය වූ විට ඒ ගීතය YouTube සේවාව හරහා ගොස් නැරඹීමට හා ඇසීමටයි. නමුත් ඔබ

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Spotify News Room වෙබ් අඩවිය සහ Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.