ශ්‍රි ලංකාවේ සිටින බොහෝ පිරිසක් හුරු වි සිටින්නේ තමන්ට ගීතයක් ඇසීමට අවශ්‍ය වූ විට ඒ ගීතය YouTube සේවාව හරහා ගොස් නැරඹීමට හා ඇසීමටයි. නමුත් ඔබ දන්නවාද Spotify සේවාව හරහා ඔබට නොමිලේම ලොව පුරා ඇති ගීත බිලියනන ගණනක් YouTube වලට වඩා sound quality එකකින් යුත්තව ඇසිය හැකි බව?

මොකද්ද මේ Spotify කියන්නේ?

සරලව පැවසුවහොත් Spotify යනු music stream සේවාවක් වන අතර ලොව පුරා බොහෝ පිරිසක් නිරන්තරයෙන් මෙවැනි music stream සේවාවන් භාවිතා කිරීමට විශාල උනන්දුවක් දක්වයි. එහි ප්‍රතිථලයක් වශයෙන් ශ්‍රී ලංකාවේද මේ වන විට Spotify, Apple Music වැනි සේවාවන් ක්‍රමයෙන් ජනප්‍රිය වන බව අපට දැක ගන්න හැකි වෙනවා.

Spotify හි ඇති සුවිශේෂි කරුණක් නම් ඔබගේ අතේ ඇති ඕනැම device එකක් භාවිතයෙන් ඔබට Spotify සේවාව හරහා ගීත ඇසීමට අවස්ථාව පැවතීමයි. ඒ අනුව Spotify සේවාව මේ වන විට Windows, Macintosh හො Linux වැනි computer operating system වලටත් iPhone, Android සහ Blackberry වැනි mobile device වලටත් සහය දක්වනු ලබනවා.

ඇයි Spotify අපි භාවිතා කළ යුත්තේ?

  • එය නොමිලේ භාවිතා කල හැකි නිසා - Spotify සේවාව ඔබට සම්පුර්ණයෙන්ම නොමිලේ භාවිතා කිරීමට අවස්ථාව ඔවුන් විසින් ලබා දී තිබෙනවා. එහෙත් ඔබට අවැසි නම් වඩා හොඳ sound quality එකකින් සහ නොමිලේ ලබාදෙන plan එකේ ඇති වෙළඳ දැන්වීම් වලින් තොරව එක දිගට Music වලට සවන් දෙන්න මුදල් ගෙවා subscription ලබා ගන්න ඔබට පුළුවන්. මෙහි ඇති විශේෂත්වය වෙන්නේ මෙහි දි ඇති සියලු subscription ඉතාමත් සාධාරණ මුදලකට ලබා ගැනීමට ඔවුන් අපට ඉඩ සලසා දීමයි.
  • ඕනෑම උපාංගයක් සමග සහාය දැක්විම - Spotify සේවාව ඔබට ඕනැම devices එකක පහසුවෙන් වැඩ කිරීමට හැකි වෙන ලෙස ඔවුන් විසින් නිර්මාණය කර තිබෙනවා. එමෙන්ම ඔබගේ පරිගණකයේ සහ දුරකතනයේ ඔබ එකම Spotify ගිණුමෙන් log වි සිටිනවා නම් ඔබට ඔබගේ දුරකථනය මඟින් දුරස්ථව සිට වූවද ඔබගේ පරිගණකයේ play වෙන ගීතය control කිරීමට අවස්ථාව හිමි වෙනවා.
  • ඔබට කැමති පරිදී customize කිරීමේ හැකියාව - Spotify හි ඔබට playlist නිර්මාණය කිරීමට අවස්ථාව ඇති අතර එයට ඔබ විසින් ඇසීමට කැමති ගීත එකතු කරගැනීමටත් ඒවා නිරන්තරයෙන් ඇසීමටත් අවස්ථාව හිමි වෙනවා. Spotify හි ඇති AI එක මඟින් ඔබ කැමති කුමන ආකාරයේ ගීත ඇසීමට ද යන්න තේරුම් ගෙන ඒ අනුව ඔබට ගැලපෙන ගීත ඔවුන් විසින් නිරන්තරයෙන් ඔබට නිර්දේශ කරනු ලබනවා.
  • අනෙක් කාටත් කලින් ගීත රස විඳින්න - ලොව පුරා සිටින බොහෝ Music Artist ලා මෙන් ශ්‍රී ලංකාවේ සිටින සංගීත නිර්මාණ ශිල්පින් පවා ඔවුන්ගේ සංගිත නිර්මාණ YouTube publish කිරීමට පෙර Spotify වැනි music streaming services වල release කිරීම ට්‍රෙන්ඩ් එකක් බවට පත්ව තිබෙනවා. මේ හේතුව නිසා Spotify භාවිත කරන ඔබට ලෝකයේ බොහෝ දෙනෙකුට පෙර ගීත රස විඳින්න හැකියාව පවතිනවා.

Spotify සේවාව භාවිතා කිරීම සදහා අපට කොතරම් මුදල් වැය වෙනවාද?‌

මා ඉහතදී සඳහන් කර පරිදී ඔබට Spotify සේවාව සම්පුර්ණයෙන්ම නොමිලේ භාවිතා කිරීමට හැකියාව පවතින නමුත් එහිදී ඔබට සමහර දේවල් කිරීමට සීමාවන් සහ Ads app එක තුළ දර්ශනය විය හැක.

කෙසේ නමුත් Spotify විසින් ශ්‍රී ලංකාව සදහා ඔවුන්ගේ Premium subscription ඉතාමත් සාධාරණ මුදලකට ලබා ගැනීමට අවස්ථාව සලසා දි ඇති අතර ඒහි මිල ගණන් ඇතුළු අනෙකුත් විස්තර ඔබට පහත ඇති Spotify නිල වෙබ් අඩවියෙන් ලබා ගැනීමට හැකියාව පවතිනවා.

Spotify Premium
Spotify Premium is a digital music service that gives you access to millions of songs without ads.

Spotify ගැන වගේම මේ වගේ music stream සේවාවන් ගැන තවත් විස්තර ඔයත් දන්නවා ඇති. ඉතින් ඔයා දන්න කරුණු තියෙනවා නම් හෝ මේ ගැන ප්‍රශ්න තියෙනවා නම් ඒ ගැන අපේ Community එකට ඇවිත් කියන්නත් අමතක කරන්න එපා.