මෑතකාලීනව ගෝලීය වශයෙන් E-commerce සඳහා පැවති වෙළෙදපොළ ඉල්ලුම සහ ඇති වු සීඝ්‍ර වර්ධනය පදනම් කරගනිමින් ලෝකයේ විවිධ වර්ගයේ ව්‍යාපාර රැසක් අද වන විට මේ E-commerce ක්‍ෂේත‍්‍රයත් එක්ක එකතු වෙලා විවිධ Services පහසුවෙන්ම පාරිභෝගිකයන් වෙත ලබාදීමට කටයුතු කරන බව ඔබ දැනටමත් දන්නවා ඇති. ඒ වගේම බොහෝමයක් ව්‍යාපාරිකයන් මෙන්ම සමාගම් ද ඔවුන්ගේ ව්‍යාපාර වෙළෙදපොළ කටයුතු පුළුල් කර ගැනීම සඳහා මෙම සේවා භාවිතා කිරීමට පෙළඹීමේ නැඹුරුතාවයක්ද දැක ගන්න පුළුවන් වෙනවා.

ඒ වගේම මේ වනවිට TikTok සඳහා TikTok Shop නම් integration එකක් හදුන්වාදීමට එම සමාගම කටයුතු කර තිබෙනවා.

මීට පෙර ද, 2020 වසරේ දී TikTok සඳහා E-commerce පහසුකම ලබාදීම කෙරෙහි පුර්ව අවධානය යොමු කරමින් පරික්ෂණ අත්හදා බැලීමට TikTok සමාගම කටයුතු කර තිබෙනවා. ඉන් අනතුරුව TikTok සහ Shopify සමාගම් එක්ව කටයුතු කල අතර එහි ප්‍රතිපලයක් ලෙස 2021 අගෝස්තු මාසයේ සිට මේ වන තෙක් ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ආසියාතික රටවල් කිහිපයක් සඳහා පැවති TikTok Shopping නම් විශේෂාංගය පරිශීලකයන් හට හඳුන්වාදීමට කටයුතු ඔවුන් කටයුතු කරනු ලැබුවා.

Is TikTok Shopping the Future of Social Commerce?
We look at TikTok’s rise as an e-commerce destination and share our predictions on how TikTok will impact social commerce in 2021 and beyond.
Later Blog Website Announced TikTok Shopping in 2020

ඒ හරහා Shopify shopping tab option මගින් TTFB ගිණුම් සහිත Shopify වෙළෙන්දන් හට ඔවුන්ගේ TikTok ගිණුම්වල homepage එකට shopping label එක ලබා ගැනීමට සහ ඔවුන්ගේ items පෙන්වීමට option එකක් ලබාදී තිබු අතර TikTok app එක ඔස්සේ පරිශීලකයන් හට Items මිලදී ගැනිමේ හැකියාව ද ලබා දී තිබුණා. කෙසේ වෙතත් එම ක්‍රියාවලියේ පැවති මන්දගාමි තත්වය හේතුවෙන් TikTok සමාගම විසින් මේ වන විට නව in-app shopping පහසුකමක් හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා. මේ හරහා පරිශීලකයන් හට directly TikTok app එක තුලින් items පහසුවෙන් purchase කිරිමේ (මිලදී ගැනීමේ) හැකියාව පවතිනවා.

New TikTok Shops integration

TikTok හී ප්‍රකාශකවරියකු වන Laura Perez විසින් මේ පිළිබඳව තහවුරු කළ අතර මෙම නව in-app shopping පහසුකම මුලින්ම ඇමෙරිකා එක්සත් ජනපද වෙළෙදපොළ ඉලක්ක කරමින් ලබාදීමටත් පසුව ජාත්‍යන්තර වෙළෙදපොළ වෙත ලබාදීමටත් ඔවුන් සූදානම්ව සිටින බවත් ඇමෙරිකා එක්සත් ජනපද ව්‍යාපාරිකයන් වෙත තම සේවාව වෙත ආරාධනා කරන බවත් ඇය ප්‍රකාශ කර තිබෙනවා.

TikTok Shop Official Portal - A Full-Service Commerce Solution, Driven by TikTok’s Unique Content Ecosystem.
Give you a new way to drive sales directly through exciting short videos and livestreams, on your own TikTok accounts or in collaboration with TikTok creators.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Social Media Today වෙබ් අඩවිය භාවිතා කළ හැක.