Facebook Notification එකක් ඇති අවස්ථාවලදී Notification Dot එකක් ලෙස එය පෙන්වන බව Facebook mobile App එක භාවිතා කරන ඔබ අත්දැකීමෙන් දැක ඇති.

ඉතින් මේ පහසුකම අප හට Notification එකක් ලැබි ඇති විට ඒ පිළිබදව දැනගැනීමට පහසු වුවත් ඇතැම් අවස්ථා වල මෙම පහසුකම කරදරයක් වන අවස්ථාද නැතුවාම නොවේ. මේ notification dot එක දකින සෑම අවස්ථාවකදීම පාහේ අපට Facebook App එකට යොමු කරගැනීමට මොවුන් සමත් වෙනවා.

ඔන්න දැන් මේ ගැටලුවට විසඳුමක් විදිහට Facebook mobile app එක භාවිතා කරන්නන් හට තමන් කැමති නම් Hamburger menu icon > Settings & Privacy > Settings > Shortcuts හරහා ගොස් මේ Notification Dots ඉවත් කිරීමේ හැකියාව ‍ලබා දී තිබෙනවා.

ඔබට තවමත් මේ පහසුකම ලැබී නැත්නම් ඉදිරි සති කිහිපය තුළ ඔබගේ iOS හෝ Android Device එකට මේ පහසුකම සහිත update එකක් ලැබෙනු ඇති බව Facebook සමාගම ප්‍රකාශ කර සිටිනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.