දකුණු කොරියාව පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයුම්කරුවෙකු වන SK Broadband ආයතනය විසින් Netflix ආයතනයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇති අතර මෙසේ නඩු පැවරීමට හේතුව ලෙස වාර්තා වන්නේ, Netflix සමාගම විසින් පසුගියදා නිකුත් කරන ලද 'Squid Game' TV series එක හේතුවෙන් තමන්ගේ network traffic එක ඉහළ යෑමයි.

SK Broadband ආයතනය පෙන්වාදෙන්නේ, මෙලෙස network traffic එක ඉහළ යාම හේතුවෙන් ඇතිවූ නඩත්තු සඳහා පිරිවැය Netflix ආයතනය විසින් දැරිය යුතු බවයි.

Squid Game යනු නවතම Netflix series එකක් වන අතර එය dystopian thriller type genre එක මත නිර්මාණය වූ කතා මාලාවකි.

Squid Game | Netflix Official Site
Hundreds of cash-strapped players accept a strange invitation to compete in children’s games. Inside, a tempting prize awaits — with deadly high stakes.

Netflix ප්‍රකාශකයෙකු විසින් CNBC වෙත ප්‍රකාශ කරමින් කියා සිටියේ, SK Broadband ආයතනය විසින් Netflix සමාගමට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල පිළිබඳව ඔවුන් අවධානය යොමුකර ඇති බවත්, තමන්ගේ පාරිභෝගිකයින් හට බාධාවකින් තොරව streaming experience එකක් ලබාදීම සඳහා SK Broadband ආයතනය සමඟ විවෘත සංවාදයක් ඇති කර ගත හැකි ආකාරය පිළිබඳව සිය අවධානය යොමු වී ඇති බවයි.

Netflix ප්‍රකාශකයෙක් විසින් මෙම ප්‍රකාශය සිදුකර තිබුණේ, Netflix සමාගම විසින් network usage සඳහා SK Broadband ආයතනයට සාධාරණ මුදලක් ගෙවිය යුතු බවට දකුණු කොරියානු අධිකරණයක් විසින් ප්‍රකාශ කිරීමෙන් පසුව වීම සිත්ගන්නා කරුණකි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Reuters වෙබ් අඩවිය සහ Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.