PlayStation Vita, එහෙමත් නැතිනම් PS Vita කියන්නේ Sony සමාගම විසින් 2011 වර්ෂයේ හඳුන්වා දුන් handheld, එහෙමත් නැතිනම් අතේ ගෙන යා හැකි හුරුබුහුටි video game console එකක්.

‍කොහොම නමුත් මෙය හඳුන්වා දුන් කාළසීමාවේදී Smartphone සහ apps ජනප්‍රිය වීමත් සමඟින් gaming සඳහා වෙනමම device එකක් රැගෙන යාමට වඩා, ජංගම දුරකථනය හරහා එම අවශ්‍යයතාවය සපුරාගැනීමට බොහෝ දෙනා යොමු වනු දකින්නට ලැබුණා.

මේ තත්ත්වය යටතේ මේ PS Vita devices මිලියන 16.1ක් පමණ ලොව පුරා අලෙවි කිරීමට Sony සමාගම සමත් වූ නමුත් එහි පැවැත්මට අනෙකුත් තරඟකරුවන්ගෙන් වූ බළපෑම අති මහත් වුණා.

ඔන්න දැන්, මේ PlayStation Vita devices නිෂ්පාදනය කිරීම නිළ වශයෙන් නවත්වා දැමීමට Sony සමාගම තීරණය කර තිබෙන අතර මේ වෙනුවෙන් වෙනත් device එකක් හඳුන්වාදීම ප්‍රතික්ෂේප කර තිබෙන බවත් වාර්ථා වෙනවා.

මීට අමතරව මේ වෙනුවෙන් නිෂ්පාදනය කෙරුණු Game cards නිෂ්පාදනය කිරීම ද මේ වසරේ මැයි 31 වැනිදා සිට නතර කිරීමට ද ඔවුන් කටයුතු කරනු ලබන බව Sony සමාගම විසින් ප්‍රකාශ කර තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Polygon වෙබ් අඩවිය භාවිතා කළ හැක.