2014 වර්ෂයේදී Microsoft සමාගම විසින් වෙළඳපොලට හඳුන්වා දීමට කටයුතු කළ Microsoft Band නමින් හැඳින්වූ Fitness tracker එකෙහි 2016 වර්ෂය වන විට නිෂ්පාදනය හා බෙදාහැරීම් කටයුතු නැවැත්වීමට Microsoft සමාගම කටයුතු කළා.

කොහොම වුණත්, එතැන් පටන් මේ වන තුරු අලෙවි කරනු ලැබූ Band සඳහා අවශ්‍යය කරන සේවා සැපයීම්, App updates වැනි දෑ ලබා දීමට Microsoft සමාගම කටයුතු කළ අතර මෙලෙස සහාය ලබා දීම හා සේවා සැපයීම ද මෙම වසරේ මාර්තු 31 වැනිදා සිට සම්පූර්ණයෙන්ම නතර කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

මේ අනුව Microsoft Health Dashboard වෙබ් අඩවිය මෙන්ම Play Store එකෙන්, App Store එකෙන් සහ Microsoft Store එකෙන් Microsoft Band companion apps හා ඒ හා සම්බන්ධ අනෙකුත් සේවාවන් ඉවත් කිරීමට කටයුතු කෙරෙනවා.

මාර්තු 31 වැනිදා සිට Microsoft Band එකක් reset කළහොත් එය නැවත setup කිරීමට නොහැකි වන අතර සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත් කිරීමට සිදු වෙනවා. කොහොම වුණත් අදාල Microsoft Band එකට තවමත් වගකීම් කාළය (Warranty) ඇතුලත තිබේ නම්, ඒ වෙනුවෙන් refund එකක් ලබා දීමට Microsoft සමාගම කටයුතු සූදානම් කර තිබෙන බවත් වාර්ථ වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Microsoft වෙබ් අඩවිය, Softpedia වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.