Windows වල අපි වැඩිපුරම භාවිතා කරන Apps වලින් එකක් වන Windows Calculator App එකේ source code එක Microsoft සමාගම විසින් GitHub එකට upload කර ඇති බව මේ වන විට වාර්ථා වෙනවා.

මෙය MIT License එක යටතේ publish කර ඇති අතර ඕනෑම කෙනෙකුට ලබාගැනීමේ හැකියාවට අමතරව මෙය භාවිතා කරමින් Windows Calculator එකට අලුත් පහසුකම් එකතු කිරීමටත්, එය වැඩිදියුණු කිරීමටත් Open Source community එකට මේ අනුව අවස්ථාව ලැබෙනවා.

මීට අදාල වන උපදෙස් මාලාවක් ද මෙයට අන්තර්ගත කිරීමට Microsoft සමාගම කටයුතු කර ඇති අතර හොඳ තත්ත්වයේ Windows App එකක් නිර්මාණය කිරීම සඳහා guideline එකක් ලෙස ද මේ repository එක භාවිතා කිරීමේ හැකියාව ලොව පුරා මෘදුකාංග නිෂ්පාදනකරුවන් හට මෙය ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා.

පසුගිය කාළසීමාව ඇතුලත GitHub එක Microsoft සමාගම විසින් මිළදී ගැනීමේදී බොහෝ open source community members ලා බිය වූ නමුත්, මේ වන විට Linux වලට එල්ල විය හැකි බළපෑම් වලින් එය රැකගැනීම සඳහා Microsoft සමාගම විසින් ඔවුන්ගේ Patent බළපත්‍ර 6,000ක පමණ ප්‍රමාණයක් ද මේ ආකාරයෙන් open source කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Microsoft Blog එක, The Verge වෙබ් අඩවිය හා Softpedia වෙබ් අඩවිය භාවිතා කළ හැක.