Skype කියන්නේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නැති තරමටම මේ වෙනකොට Skype ප්‍රසිද්ධ වෙලා තියනවා. Google Hangouts, Discord වගේ කොයි තරම් විකල්ප තිබුණත් Skype තාමත් ගොඩ දෙනෙක් අතර ජනප්‍රිය VoIP Client එකක් බවට පත් වෙලා තියනවා.

ඔයා Office එකේදී Skype බාවිතා කරනවා නම්, අනිවාර්යයෙන්ම ඔයාට ඕන වෙලා ඇති Skype calls record කරගන්න. ඒ වෙනුවෙන් වෙනත් 3rd party applications දාගෙන කරදර විඳින්නත් සිද්ධ වෙලා ඇති. ඔන්න ඒ ප්‍රශ්ණයට විසඳුමක් විදිහට Skype එකෙන්ම Skype calls record කිරීමේ පහසුකම ලබා දෙන්න Microsoft එක කටයුතු කරලා තියනවා.

skype-call-recording-android-tec-news-sinhala

මේ පහසුකම cloud based පහසුකමක් ලෙස නිකුත් කිරීමට නියමිත අතර ඔයා screen share කරලා තිබුණත්, webcam එක හෝ voice පමණක් භාවිතා කලත් ඒ හැම දෙයකින්ම එන feed එක මේ හරහා record කරගන්න පුළුවන්. කොහොම වුණත් මේ විදිහට record කරනවා නම්, ඒ පිළිබඳව call එකේ ඉන්න අනිත් usersලා ට notification එකකින් දැනුම්දීමක් සිදු කරනවා.

මේ අළුත් පහසුකම ඊයේ දිනයේ එනම් ජුලි 16 වැනිදා නිකුත් වුණු Skype 8.0 කියන සංස්කරණයට එකතු කරන්නට Microsoft සමාගම කටයුතු කරලා තියනවා. මීට අමතරව end-to-end-encryption, read receipt වගේ තවත් (skype එකට) අළුත් features ගොඩක් එකතු කරන්නත් මොවුන් කටයුතු කරලා තියනවා.

skype-24-person-1080p-tech-news-sinhala

මීට අමතරව video call වලදී 1080p stream කිරීමට මෙන්ම වරකට පුද්ගලයින් 24ක් දක්වා සම්බන්ධ කරගැනීමටත් මේ update එක හරහා ඔවුන් පහසුකම් සලසනවා. ඒ වගේම යම්කිසි chat එකකට අදාල media files සියල්ලම බලාගත හැකි ආකාරයේ media gallery එකක් ද මේ අළුත් update එකත් එක්ක Skype එකට එකතු වෙනවා.

කොහොම වුණත් දැනට තිබෙන අනෙකුත් VoIP client සමගින් සසඳා බලන විට Skype එකට මේ features එකතු වෙන්න ටිකක් කල් ගත වුණත්, Microsoft ආයතනය දැන් පසුගිය අවුරුදු වලට වඩා වැඩියෙන් Skype ගැන සැලකිල්ලක් දක්වන එක නම් ඉතාමත් හොඳ දෙයක් විදිහට දකින්න පුළුවන්.