fast.com කියන්නේ internet speed එක මැනගැනීමට භාවිතා කරන වෙබ් අඩවියක් බව මේ වෙනකොට ගොඩ දෙනෙක් දන්නවා.

ඉතින් දැනට අවුරුදු දෙකකට පමණ කලින් Netflix ආයතනය විසින් ආරම්භ කරන්නට කටයුතු කල fast.com එක මේ වෙනකොට මේ හරහා මිලියන 500 වාරයක් පමණ internet speed එක test කරන්න ලෝකය පුරා users ලා කටයුතු කරලා තියනවා. විශේෂම කාරණය වෙන්නේ මෙයින් බාගයක් පමණ ම පරීක්ෂා කිරීම් සිදු කරලා තියෙන්නේ පසුගිය මාස හත තුල වීමයි.

මේ fast.com එක හරහා අපිට මේ වෙනකන්ම බලාගන්න හැකියාව ලබා දීලා තිබුණේ download speed එක පමණක් වන අතර ඊයේ දිනයේ සිට ඔවුන් අපේ අන්තර්ජාල සම්බන්ධතාවයේ upload speed එක සහ latancy එක ද මේ හරහා දැනගන්න පහසුකම ලබා දෙන්න කටයුතු කරලා තියනවා.

fast-com-upload-speed-tech-news-sinhala

අපි බොහෝ වෙලාවට internet speed එක මැනගන්න ඕන වුණාම කරන්නේ speedtest.net එකට ගිහින් start test කියන button එක press කරලා එන result එකෙන් download speed එක දැනගන්න එක වුණත්, බොහෝ වෙලාවට ඒකේ default server එක විදිහට select වෙන්නේ අපේ service provider ට ම අයිති වෙන server එකක්.

ඉතින් හරියටම internet speed එක ගැන අදහසක් ගන්න ඒකෙන් අමාරු වෙන්නේ මේ server එක පිහිටලා තියෙන්නේ අපේ රටේම වෙන නිසයි. නමුත් ඔයා වෙන රටක server එකක් select කරනවා නම් තරමක් දුරට හරි සාර්ථක ප්‍රතිඑලයක් ලබාගන්න පුළුවන්.

කොහොම වුණත්, මම පෞද්ගලිකව මේ internet speed එක මැනගන්න භාවිතා කරන්නේ බොහෝ වෙලාවට මේ fast.com කියන වෙබ්සයිට් එකයි. මේ මගින් අපේ service provider ට අයිති servers වෙනුවට netflix එකට අයිති servers හරහා internet speed එක මැනගන්න අපිට අවස්ථාව ලැබෙනවා.

මේ මොන වෙබ්සයිට් එකකින් පරීක්ෂා කලත් මේවායින් professional grade network test එකක් සිදු වෙන්නේ නැහැ. නමුත් සාමාන්‍යය අන්තර්ජාල බාවිතා කරන්නන් විදිහට මෙයින් පෙන්වන තොරතුරු අපිට එදිනෙදා බාවිතයට අවශ්‍යය දේවල් දැනගන්න ප්‍රමාණවත් වෙනවා.

Source: Fast.com Blog