අපි නිතරම Google Assistant, Apple Siri වැනි virtual assistant ලා ‍ගේ සහාය ලබා ගත්තත්, යම් යම් අවස්ථා වලදී එම මෘදුකාංග වල දුර්වලතා උපයෝගී කරගෙන බළාපොරොත්තු නොවන ආකාරයේ සිදුවීම් නිර්මාණය කරන්නට සමහර පුද්ගලයින් උත්සාහ කරනු ලබනවා.

මේ ආකාරයේ සිදුවීමක් ඊයේ දිනයේ වාර්ථා වූ අතර iPhone ජංගම දුරකථනයක් හරහා Apple Siri භාවිතා කර Donald Trump ගැන ඇසූ විට ඔහු ගැන විස්තර ලබා දෙන අතරම ඔහුගේ ඡායාරූපය වෙනුවට පුරුෂ ලිංගයක ඡායාරූපයක් පෙන්වූ බව The Verge වෙබ් අඩවිය විසින් වාර්ථා කරනවා.

මෙයට හේතුව ලෙස ඔවුන් විශ්වාස කරන්නේ කිසියම් පුද්ගලයෙකු විසින් Donald Trump ‍ට අදාල Wikipedia පිටුව හෝ Siri විසින් ඡායාරූප ලබාගන්නා මාධ්‍යය වෙනස් කිරීමකට ලක් කර ඇති බවයි.

මීට පෙර ද මෙවැනිම අකරතැබ්බයකට Siri ලක් වී ඇති අතර එය බල්ගේරියාවේ ජාතික ගීය ගැන විමසූ විට අපි කවුරුත් දන්න “Despacito” ගීතය ‌පෙන්වීමයි. කොහොම නමුත් මෙය වාර්ථා වූ සැනින් ම Apple සමාගම විසින් එය නිවැරදි කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙය අනිවාර්යයෙන්ම Wikipedia editor වරුන් කිහිපදෙනෙකු ම සම්බන්ධ වී සිදු කර ඇති දෙයක් වන බවත්, ඔවුන් මේ වන විට block කිරීමට කටයුතු සිදු කර තිබිය හැකි බවත් Wikipedia editor වරයෙකු විසින් The Verge වෙබ් අඩවියට පවසා ඇති අතර මෙයට අදාල වෙනස්කම් සියල්ල මෙම පිටුවේ edit history එක හරහා බළාගැනීමට ඔබට අවස්ථාව තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Gizmodo වෙබ් අඩවිය භාවිතා කළ හැක.