මෝටර්රථ brands වලින් අපි හැමෝම හොඳින්ම දන්න නමක් තමයි Land Rover කියන්නේ. ඉතින් මේ Jaguar Land Rover සමාගම ඔවුන්ගේ Range Rover මාදිලියේ අලුත්ම Range Rover Evoque එක ඊයේ එළිදැක්වීමට කටයුතු කළා.

මේ අලුත් මෝටර් රථය වෙළඳපොලට නිකුත් කිරීමට නියමිත වෙලා තියෙන්නේ 2020 වර්ෂයේදී වන අතර ‍මෙහි එක් විශේෂත්වයක් වන්නේ එයට එකතු කර ඇති hybrid rear view mirror එකයි.‍‍‍‍

ඔවුන් මේ අලුත් පහසුකම “ClearSight Rear View Mirror” යනුවෙන් හඳුන්වනු ලබන අතර මේ හරහා අංශක 50ක් දක්වා කෝණයක ප්‍රදේශයක් ආවරණය කිරීමට හැකියාව ලැබෙනවා.

මෑත කාලීනව බොහෝමයක් මෝටර් රථ සමාගම් විසින් mirrors, එහෙමත් නැතිනම් කණ්නාඩි වලට camera screen භාවිතා කිරීමට, සාමාන්‍යය දර්පණ ඉවත් කර screens සවි කිරීම වැනි විවිධ ආකාරයේ උත්සාහයන් දරනු ලැබුවත් JLR සමාගම මේ අදහස ඉතාමත් හොඳ ආකාරයකින් ඔවුන්ගේ මෝටර් රථයටම ඇතුලත් කර ප්‍රතිනිර්මාණය කරන්නට සමත් වෙලා තිබෙනවා.

‍එමෙන්ම මෙය ඔවුන්ගේ පළමු Hybrid මෝටර් රථය ද වන අතර 48-volt battery එකක් මගින් horsepower 50 ක බළයක් එහි සිලින්ඩර් 4ක engine එකට ලබා දෙනවා. මෙම battery එක මෝටර් රථය brake කරනු ලබන වේලාවට චාලක ශක්තිය විද්‍යුතය බවට හරවාගෙන නැවත accelerate කරන විට එම ශක්තිය මගින් ප්‍රධාන engine එකට බලයක් ලබා දීමට සමත් වෙනවා.

Jaguar Land Rover සමාගම ප්‍රකාශ කරන අන්දමට කෘතීම බුද්ධිය (AI) හරහා, drive කරන පුද්ගලයාගේ කැමති/අකමැතිකම් හඳුනාගෙන අදාල පුද්ගලයා drive කරන විට ඔහුට අදාල වන ලෙස මෝටර් රථයෙහි settings සකස් කරගැනීමට හැකියවක් මේ අලුත් Evoque එකට තිබෙනවා.

මීට අමතරව Apple CarPlay සහ Android Auto යන පහසුකම් දෙකම මෙයට අන්තර්ගත කර ඇති අතර එහි Wi-Fi Hotspot එකක් මෙන්ම Smartphone එක හරහා මෙය control කළ හැකි Companion app එකකින් මෙන්ම ඒ හා බැඳුනු තවත් පහසුකම් ගණනාවකින් ම සමන්විත වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.