මේ දවස් වල ලොව පුරාම Black Friday Deals හරහා විවිධ සේවා සහ භාණ්ඩ ඉතාමත් අඩු මිලට අලෙවි කරන්නට කටයුතු කරනවා අනතර්ජාලය පුරාම දකින්නට තිබෙනවා.

ඔන්න දැන් ලොව ප්‍රසිද්ධම Music Streaming සේවා දෙකක් වන Spotify සහ Amazon Music වෙතින් මාස තුනක කාලයක් සඳහා ඇමෙරිකානු ඩොලර් $0.99 ක්, එනම් ආසන්න වශයෙන් රුපියල් 180ක් වැනි මුදලකට ඔවුන්ගේ සේවාවේ Premium පහසුකම භාවිතා කිරීමට අවස්ථාව ලබා දීලා තිබෙනවා.

මේ පහසුකම ලබා දෙන්නට කටයුතු කරන්නේ පළමු වරට මේ සේවාවන්ගේ Premium පහසුකම ලබාගන්න අයට පමණක් වන අතර මාස තුනක කාලයකින් පසුව, පිළිවෙලින් Spotify සඳහා මසකට ඩොලර් $10.00කුත්, Amazon Music සඳහා මසකට ඩොලර් $7.99කුත් වශයෙන් මාසික ගාස්තුවක් ගෙවිය යුතු වෙනවා.

කොහොම වුණත්, මේ පහසුකම ලබා ගන්න නම් Spotify account එක හදන රටටම අදාල PayPal account එකක් අවශ්‍යය වෙනවා. අපි හැමෝම දන්නවා මේ Spotify සේවාව තවමත් ලංකාවට ලබා දෙන්නේ නැති බව. (මේ පහසුකම ලබා ගැනීමට USA වලින් නිර්මාණය කරන ලද PayPal account එකක් තමයි මම නම් භාවිතා කලේ)

ඉතින් මේ පහසුකම ලබා ගන්න කැමති අයට Spotify Premium එක ලබා ගැනීමට මේ Link එක හරහා සහ Amazon Music Subscription එක ලබා ගැනීම සඳහා මේ Link එක භාවිතා කරන්න පුළුවන්.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Amazon වෙබ් අඩවිය හා Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.