Drone යන නම ඇසෙනවාත් සමඟම මතකයට එන සමාගමක් වන DJI සමාගම මේ වන විට ලොව පුරා ඉතාමත් ජනප්‍රිය මෙන්ම Drone market-share එකෙන් 70%ක පමණ කොටසක හිමිකරුවා ද වෙනවා.

කොහොම නමුත් මොවුන්ගේ වෙබ් අඩවියේ හා App එකෙහි තිබූ ආරක්ෂක දුර්වලතාවයක් හේතුවෙන් මේ DJI Drone හිමිකරුවන්ගේ ගිණුම් වලට පිවිසී එම drone වලින් ලබා දෙන සජීවී video දර්ශන නැරඹීමේ හැකියාව පවා ලබාගතහැකි බව දැනගන්නට ලැබෙනවා.

මේ අනුව ලොව පුරා DJI Drone පරිශීලකයන්ගේ DJI ගිණුම් වලට ඇතුලු වී drone වල logs, maps, ඒ මගින් ලබා ගන්නා ඡායාරූප හා videos මෙන්ම සජීවී දර්ශන වැනි සියළුම විස්තර ලබා ගැනීමට attacker ට අවස්ථාව ලැබෙනවා.

මෙම දුර්වලතාවය මේ වන විට fix කිරීමට කටයුතු කර තිබෙන නමුත් මේ bug එක හඳුනාගෙන එය fix කිරීම සඳහා මොවුන් හට මාස 6කට අධිකා කාලයක් මොවුන් ගත කර තිබෙන බව සඳහන් වෙනවා.

කොහොම නමුත් සුභ ආරංචිය නම්, මේ වනතුරු කිසිවෙකුත් මෙම දුර්වලතාවය භාවිතා කර මෙම දත්ත සොරා ගන්නට කටයුතු කිරීමක් පිළිබඳව වාර්ථා නොවීමයි.

මේ පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා Tech Crunch වෙබ් අඩවිය හා Forbes වෙබ් අඩවිය භාවිතා කළ හැක.