පසුගිය වසර කිහිපය පුරාවට ජංගම දුරකථන වල camera එකට අදාල තාක්ෂණයන් ඉතාමත් සීඝ්‍රයෙන්, ඒ වගේම නිෂ්පාදකයන් අතර තරඟකාරී ආකාරයෙන් දියුණුවට පත් වුණා ඔබ දකින්නට ඇති.

ඒ කොහොම වුණත් තවමත් Android මතදී 4GB වලට වඩා විශාල file size එකක් සහිත video recording එකක් සිදු කිරීමේ හැකියාව අලුතින් නිකුත් වූ Android 10 මෙහෙයුම් පද්ධතියේ පවා අන්තර්ගත වන්නේ නැති බව ඔබ දැන සිටියා ද?

මේ නිසාවෙන් බොහෝ විට ජංගම දුරකථන නිෂ්පාදකයන් සිදු කරන්නේ 4GB වලට වඩා අඩු කුඩා video file කිහිපයක් ලෙස සම්පූර්ණ video එක save කිරීම වන අතර මීට හේතුව වන්නේ Android framework එකේ අන්තර්ගත වන MediaMuxer සහ MPEG4Writer යන classes වලින් output කළ හැකි වන උපරිම අගය, 232 Bytes දක්වා, එනම් ආසන්න වශයෙන් 4GB දක්වා වන file size එකකට පමණක් සීමා වීමයි.

මේ අනුව 4K (30fps) video එකක්, 48Mbps පමණ bitrate එකක් යටතේ save වන්නේ නම් මිනිත්තු 12ක පමණ කාලයක් තුලදී 4GB සීමාව පනින අතර, එම අවස්ථාවේදී අදාල video file එක පරිශීලකයා හට නොදැනෙන අයුරින් background එකෙන් save කර, තවත් අලුත් video file එකක් නිර්මාණය කිරීමට කටයුතු කෙරෙනු ලබනවා.

කොහොම නමුත් මේ වන විට Android Open Source Project එකට එකතු කර ඇති commit එකක් හරහා මේ සීමාව 264 දක්වා විශාල කිරීමට කටයුතු කර තිබෙන අතර Android 11 සංස්කරණයත් සමඟින් 4GB වලට වඩා විශාල ප්‍රමාණයේ video file record කිරීමේ හැකියාව Android ජංගම දුරකථන වලට ලැබෙනු ඇති බව අනුමාන කළ හැකි වෙනවා.

මේ option එක වසර ගණනාවක් තිස්සේ ලොව පුරා මෘදුකාංග ඉංජිනේරුවන් විසින් ඉල්ලා සිටි Option එකක් වන අතර මේ වෙනස් කිරීම හරහා ජංගම දුරකථනයේ ඉඩ ඇති තෙක් තනි video file එකක් ලෙස video record කිරීමේ හැකියාව ලැබෙන නමුත්, බොහෝ විට ජංගම දුරකථන නිෂ්පාදකයන් විසින් මෙයට අලුත් සීමාවක් නිර්ණය කරනු ඇති බව විශ්වාස කෙරෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය, AOSP එක හා Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.