Samsung සමාගම යනු වසරක් තුළ විවිධ මාදිලි වලින් වැඩිම ජංගම දුරකථන ප්‍රමාණයක් නිකුත් කරන සමාගමක් වන අතර, මේ නිසාම එම නව දුරකථන සඳහා Software updates ලබාදීම සඳහා ඔවුන් සමස්ත වසරම වැය කරනු ලබනවා.

මේ නිසා බොහෝ උපාංග වලට නවතම update එක ලැබෙන්නේ අනෙක් සමාගම් වලට වඩා බොහෝ ප්‍රමාද වී වන අතර මේ පිළිබඳව මීට පෙර ලිපියකින් ඔබව දැනුවත් කළා ඔබට මතක ඇති.

Android Updates ලැබෙන්න කල් ගතවෙන ‌‌‌හේතුව Sony සමාගම විසින් පැහැදිලි කරයි
පසුගිය දිනක නිකුත් වුණු Android 9 Pie එකත් එක්කම බොහෝ ජංගම දුරකථන නිෂ්පාදකයින්තමන්ගේ devices වලට මේ අළුත් update එක ඉතාමත් ඉක්මණින් ලබා දෙන්නට උත්සාහ කරනු ලබනඅතර, stock Android [https://www.quora.com/What-does-the-term-Stock-Android-mean] වලට ඉතාමත් ආසන්න version එකක් භාවිතා කරනු ලබන බොහෝ දුරකථන …

මේ අතර Galaxy note 20 ජංගම දුරකථන මාලාව එළිදැක්වීම සඳහා පැවැත්වුණු Digital Unpacked event එක අතරතුරදී Samsung සමාගම සඳහන් කරනු ලැබූ ආකාරයට Galaxy 10 මාලාවේ සිට ඉහළ flagship ජංගම දුරකථන සඳහා ප්‍රධාන Android සංස්කරණ තුනක් දක්වා updates ලබාදීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

මේ අනුව මෙම Digital Unpacked Event එක අතරතුරදී එළිදැක්වීමට කටයුතු කළ Note 20 ජංගම දුරකථන මාලාව සහ Galaxy Z Fold 2 යන මාදිලි Android 10 සංස්කරණය සමඟ නිකුත් වන අතර ඊට Android 11 , Android 12 හා Android 13 යන ප්‍රධාන Android සංස්කරණ ලබාදීමට Samsung සමාගම කටයුතු කරනු ඇති.

එමෙන්ම Android 9-pie සමඟ නිකුත් වූ Galaxy S10 ජංගම දුරකථන මාලාව හා Note 10 ජංගම දුරකථන මාලාව සඳහා Android 10 මේ වන විටත් ලැබී තිබෙන අතර මෙම නවතම තීරණයක් සමග ඊට Android 11 හා Android 12 යන සංස්කරණ ද ලැබීමට නියමිත වෙනවා.

සාමාන්‍යයෙන් Samsung සමාගම සිය flagship උපාංග සඳහා Android OS updates ලබා දුන්නේ වසර දෙකක් සඳහා පමණක් වන නමුත් Google, HMD Global සමාගමට අයත් Nokia, OnePlus ආදී සමාගම් මේ වන විටත් වසර තුනක් දක්වා Main Android OS update ලබාදීම සිදු කරනවා.

කොහොම නමුත් Android OS එක ඔස්සේ බලගැන්වෙන Samsung Tab සඳහා ද මෙම පහසුකම ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳව කිසිවක් සඳහන් කිරීමට Samsung සමාගම කටයුතු කර නැහැ.

Samsung සමාගමේ ප්‍රධානතම flagship උපාංගය වන Note 20, online digital event එකක් හරහා එළිදැක්වීම සිදු වූ අතර එහිදී නිකුත් වූ උපාංග හා ඒ පිලිබඳව සවිස්තරාත්මකව ඉදිරි ලිපියකින් ඔබව දැනුවත් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 9to5google වෙබ් අඩවිය, Android Police වෙබ් අඩවිය සහ Android Authority වෙබ් අඩවිය භාවිතා කළ හැක.