පසුගිය දිනක නිකුත් වුණු Android 9 Pie එකත් එක්කම බොහෝ ජංගම දුරකථන නිෂ්පාදකයින් තමන්ගේ devices වලට මේ අළුත් update එක ඉතාමත් ඉක්මණින් ලබා දෙන්නට උත්සාහ කරනු ලබන අතර, stock Android වලට ඉතාමත් ආසන්න version එකක් භාවිතා කරනු ලබන බොහෝ දුරකථන වලට මේ වන විටත් එම update එක ලැබී තිබෙනවා.

කොහොම නමුත් Sony කියන්නේ Android operating system එකට ඔවුන්ගේ hardware වලට අනුකූලව බොහෝ වෙනස්කම් සිදු කර අදාල devices වල ස්ථාපනය කරනු ලබන සමාගමක්.

ඉතින් මේ වගේ සමාගමකට අළුතින් Android version එකක් නිකුත් වුණු සැනින්ම තම devices වලට අදාල update එක ලබා දෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේ වෙනුවෙන් Project Treble වැනි ව්‍යාපෘති තිබුණත් තවමත් බොහෝමයක් Android ජංගම දුරකථන ඒ පහසුකම ලබාගතහැකි ලෙස සකසා නැහැ.

Sony Xperia devices වලට Software updates ලැබෙන දිනය ගැන නිවේදනයක් නිකුත් කරන ගමන්ම මේ වෙනුවෙන් වැඩි කාලයක් ගතවෙන හේතුව පිළිබඳව භාවිතා කරන්නන්ට පහසුවෙන් අවබෝධ කරගතහැකි ලෙස සැකසූ high level diagram එකක් නිර්මාණය කිරීමට Sony සමාගම පියවර ගෙන තිබෙනවා.

මෙය Sony සමාගමට පමණක් අනන්‍යය වූ process එකක් නොවන අතර දුරකථන නිෂ්පාදකයින් සියළුදෙනාම පාහේ මෙවැනි process එකක් අනුගමනය කරනු ලබන බැවින් මේ හරහා Software Industry එක තුල සිදු වන දේ පිළිබඳව සැකෙවින් අවබෝධයක් ලබාගතහැකි වෙනවා.

Sony_Software_Rollout_tech-news-sri-lanka

Source: Sony Mobile