බොහෝ වෙලාවට ඉතාමත් පළපුරුදු වෛද්‍යයවරයෙකුට පවා පිළිකාවක් හඳුනාගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව ඔබ දන්නවා ඇති.

කොහො නමුත් ඔන්න දැන්, Google සමාගම විසින් මේ කාර්යය පහසු කරගැනීම සඳහා SMILY නම් වූ අලුත් පහසුකමක් එළිදක්වා තිබෙන බව Google AI Blog එක හරහා වාර්ථාවක් තබමින් ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.

බොහෝ විට අන්වීක්ෂයක් භාවිතා කරමින් අදාල tissue samples ඉතාමත් පරෙස්සමෙන් පරීක්ෂා කිරීම හරහා නිගමන වලට එළැඹීමට වෛද්‍යයවරුන් කටයුතු කරනු ලබන අතර විවිධ පිළිකා සෛල විවිධාකාර වන නිසාවෙන් එම කටයුත්ත ඉතාමත් අපහසු කටයුත්තක් වෙනවා.

මේ අලුත් පහසුකම භාවිතා කරමින් reverse image search, එහෙමත් නැතිනම්, අදාල tissue sample වලට සමාන, මීට පෙර ගනු ලැබූ ඡායාරූප වලට ගැලපීමෙන් ඒවා ආසාධනය වී ඇත්ද නැත්ද යන්න පිළිබඳව විස්තර බලාගැනීමේ හැකියාව ලැබෙනවා.

වෛද්‍යයවරයා විසින් අදාල tissue වල අති විශාල high-resolution image එකක් මෙම SMILY පද්ධතියට ඇතුලත් කරනු ලබන අතර, ඉන් පසුව එහි කොටසක් තෝරාගත් විට, අදාල කොටස දැනටමත් පිලිකා වලට ගොදුරු වූ වෙනත් සාම්පල ගණනාවක් සමඟින් machine learning භාවිතා කරමින් සැසඳීමට මේ SMILY පද්ධතියට හැකියාව තිබෙනවා.

‍මේ වෙනුවෙන් වෛද්‍යයවරුන් යොදවාගනිමින් සිදු කරනු ලැබූ පරීක්ෂණ වල ප්‍රතිඵල ඉතාමත් හොඳ බවත්, සාමාන්‍යය පරීක්ෂණයකට වඩා ඉතාමත් නිරවද්‍යය ප්‍රතිඵලයක් මේ හරහා ලබාගත හැකි බවත් එම පරීක්ෂණ වලට පෙනී සිටි වෛද්‍යයවරුන් ප්‍රකාශ කර තිබෙනවා.

‍ආරම්භයක් වශයෙන් මෙය ඉතාමත් හොඳ තත්ත්වයක් වුවත්, මෙය තවමත් පරීක්ෂණ මට්ටමේ තිබෙන තාක්ෂණයක් බවත්, රෝගීන්ගේ ජීවිත සමඟ මෙහි ප්‍රතිඵල බැඳී තිබෙන බැවින් සෘජුවම රෝහල් වලට මෙය ලබා දීමට තවත් ටික කාලයක් ගත වනු ඇති බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Google AI Blog එක සහ TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.