දින කිහිපයකට පෙර Android Q වල පළමුවැනි developer preview සංස්කරණය නිකුත් කිරීමට කටයුතු කරනු ලබන බවට ඉඟි පළ වූවා ඔබට මතක ඇති.

අද දින Google සමාගම විසින් ඔවුන්ගේ Android මෙහෙයුම් පද්ධතියේ මීළඟ ප්‍රධාන සංස්කරණය වන Android Q වල පළමුවැනි developer preview සංස්කරණය සියළුම Google Pixel ජංගම දුරකථන හිමියන් හට ලබා දීමට කටයුතු කර තිබෙනවා.

Additional Privacy Setting

මේ Android Q වලට අලුතින් additional privacy settings පහසුකමක් එකතු කිරීමටත්, Foldable phones සඳහා සහාය දැක්වීමත්, Settings panels වැනි අලුත් පහසුකම් මෙන්ම තවත් වැඩිදියුණු කිරීම් රාශියක් එකතු කිරීමට කටයුතු කලත්, මෙම නිකුත් කිරීම අතිශයින්ම Android developer වරුන් වෙනුවෙන් නිකුත් කරන ලද්දක් බව සිහියේ තබාගත යුතු වෙනවා.

අලුතින් එකතු වූ සියළුම පහසුකම ගැන විස්තර දැනගැනීමට නිළ Android Developer Blog එක භාවිතා කළ හැක.
Support for foldable devices

අලුත් Android මෙහෙයුම් පද්ධතියේ interface වලට සිදු වන වෙනස්කම් මීළඟට නිකුත් වීමට නියමිත beta සංස්කරණ වලදී පිළිවෙලින් එකතු වනු ඇති අතර, විශේෂයෙන්ම Google I/O එක අතරතුරදී ඒවා එළිදැක්වීමට ඔවුන් කටයුතු කරනු ඇති.

Settings Panels

මෙහිදී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කර තිබෙන්නේ අදාල API එක හරහා ලබාදෙනු ලබන පහසුකම් App develop කරනු ලබන පිරිසට පරීක්ෂා කිරීමේ අවස්ථාව ලබාදීම සහ ඒවාට අනුකූලව තමන්ගේ Apps නිර්මාණය කිරීම, test කිරීම ආදියට අවස්ථාව ලබා දීමයි.


කලින් සඳහන් කළ ආකාරයට මේ Update එක Google Pixel devices සඳහා නිකුත් කිරීමට Google සමාගම කටයුතු කලත්, ඉල්ලුම අනුව වෙනත් devices සඳහා ද ලබාදීමට ඔවුන් බළාපොරොත්තු වන බව ද සඳහන් කර තිබෙනවා.

කොහොම වුණත් මෙය තවමත් ඉතාමත් මුල් අවධියේ පවතින සංස්කරණයක් බැවින් තමන්ගේ දිනපතා භාවිතා කරන ජංගම දුරකථනය මත install කරගැනීමෙන් වලකින ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.

මේ Update එක ලබාගන්නේ කොහොමද?

ඔබට Google Pixel, Pixel XL, Pixel 2, Pixel 2 XL, Pixel 3, Pixel 3 XL යන ජංගම දුරකථන වලින් එකක් හෝ තිබෙනවා නම් Android Beta වෙබ් අඩවිය හරහා මේ beta program එකට එකතු විය හැකි අතර, ඒ හරහා මේ update එක සෘජුවම අදාල ජංගම දුරකථනයට ලබාගත හැකි වෙනවා.

මෙසේ join වීමෙන් අනතුරුව පැය 24ක් ඇතුලත ඔබට අදාල update එක ලැබෙනු ඇති අතර Settings > System > Advanced > System updates හරහා ගොස් එය පරීක්ෂා කර බැලිය හැකි වෙනවා.

මීට අමතරව ඔබට update එක file එකක් ලෙස download කරගෙන එය සාමාන්‍යය ක්‍රමයට flash කරගැනීමේ අවස්ථාවද ලබා දී තිබෙනවා. කොහොම නමුත් මෙසේ flash කරනු ලබන සංස්කරණ වලදී මීළඟට නිකුත් වන සංස්කරණ සඳහා OTA Updates ලබා නොදෙන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Pixel ජංගම දුරකථනයක් නොමැතිව Android Q ලබාගන්නා ක්‍රමය

Android Studio භාවිතා කරන්නන් හට Android Emulator එකක් හරහා මෙය පරීක්ෂා කර බැලිය හැකි අතර සාමාන්‍යය ක්‍රමයට Emulator එකක් නිර්මාණය කර system image එක තෝරාගනු ලබන අවස්ථාවේදී Android Q ලෙස තෝරා ගැනීමෙන් මෙයි සිදුකරගත හැකි වෙනවා.

මේ නිකුත් කිරීම ගැන සියළුම විස්තර Android Developer Blog එකෙහි අන්තර්ගත කිරීමට Google සමාගම කටයුතු කර තිබෙන අතර, වැඩි විස්තර දැනගැනීම සඳහා Android Beta වෙබ් අඩවිය, Android Developer වෙබ් අඩවිය හා XDA Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.