Qualcomm සමාගමේ මීළඟ flagship chipset එක වන Qualcomm Snapdragon 875 පිළිබඳව මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී ඇති අතර එය මෙම වසරේ දෙසැම්බරයේදී නිකුත් වනු ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වී තිබෙනවා.

මේ වනතෙක් Snapdragon chipset බොහෝමයක් නිෂ්පාදනය කරනු ලැබුවේ තායිවානයේ TSMC සමාගම විසින් වන අතර මෙම වසරේ එම අවස්ථාව Samsung සමාගම විසින් හිමි කරගෙන ඇති බව මේ වන විට දැනගන්නට ලැබෙනවා.

ඒ අනුව ඉදිරියේදී නිකුත් වීමට නියමිත Qualcomm Snapdragon 875 chipset එක සම්පූර්ණයෙන්ම Samsung සමාගම විසින් නිපදවනු ඇති අතර මෙම සමස්ථ chipset තොගයේ නිශ්පාදන වියදම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 850 ත් බිලියන 1 ත් අතර වනු ඇති බව පැවසෙනවා.

දකුණු කොරියාවේ Pyeongtaek හි පිහිටා ඇති Samsung Semiconductor factory එක

Samsung සමාගමේ chipset නිෂ්පාදන කර්මාන්තශාලාව දකුණු කොරියාවේ Pyeongtaek හි පිහිටා තිබෙන අතර, පසුගිය වසර 20 පුරාවටම එය ලොව විශාලතම Semiconductor නිශ්පාදකයා ලෙස ප්‍රසිද්ධියක් උසුලනු ලැබුවා.

Oppo, Xiaomi ඇතුළු බොහෝ ජනප්‍රිය ජංගම දුරකථන නිෂ්පාදකයින් Qualcomm හි මෙම නවතම Snapdragon 875 chipset එක පිළිබඳව බොහෝ උනන්දුවෙන් සිටින අතර එළඹෙන මාර්තුවේදී Xiaomi සමාගම විසින් සිය Mi flagship device එකක් සඳහා මෙම chipset එක මුලින්ම භාවිතා කරනු ඇති බව බොහෝ විශ්ලේෂකයින් අනුමාන කරනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ Sammobile වෙබ් අඩවිය භාවිතා කළ හැක.