පසුගිය අගෝස්තු මාසයේදී Google සමාගම විසින් ඔවුන්ගේ Google Pixel 4a ජංගම දුරකථනය එළිදැක්වීමට කටයුතු කළ අතර, එම event එක අතරතුරදී මෙම වසර ඇතුලත තවත් Google Pixel ජංගම දුරකථන ද්විත්වයක් එළිදැක්වීමට කටයුතු කරනු ලබන බව ඔවුන් ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම පසුව අන්තර්ජාලයට එකතු වී තිබුණු පුවතක් අනුව Google Pixel 4a 5G සංස්කරණය සහ Pixel 5 ජංගම දුරකථනය මීළඟ සැප්තැම්බර් 30 වැනි දින නිකුත් කරනු ඇති බවට ඉඟි පළ වූ අතර ඒ පිළිබඳව අපි ඔබව දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති.

Google Pixel 4a 5G සහ Google Pixel 5 5G යන යන ජංගම දුරකථන සැප්තැම්බර් මස 30 වැනි දින නිකුත් කිරීමට ගූගල් සමාගම සූදානම් වන ලකුණු
මෙම ‌මස මුලදී Pixel 4a ජංගම දුරකථනය එළිදක්වනු ලැබූ අවස්ථා‍වේදී ගූගල් සමාගම සදහන්කර සිටියේ 2020 වසර අවසන්වීමට පෙර නවතම 5G තාක්ෂණයෙන් යුත් Pixel ජංගම දුරකතන දෙකක්දියත් කරන බවයි. Google සමාගම විසින් Pixel 4a ජංගම දුරකථනය එළිදැක්වීමට කටයුතු කරයිCOVID-19[/tag/covid-19/] වසංගත තත්වය හේතුවෙන් මාස ගණනාව…

ඔන්න දැන්, Google සමාගම විසින් නිළ වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ ඔවුන්ගේ මීළඟ event එක සැප්තැම්බර් 30 වැනි දින පැවැත්වීමට නියමිත බවත්, එහිදී අලුත් Pixel ජංගම දුරකථන, අලුත් Chromecast එකක් සහ smart speaker එකක් ද එළිදැක්වීමට නියමිත බවයි.

මේ අනුව මීළඟ සැප්තැම්බර් මස 30 වැනි දින (ශ්‍රී ලංකා වේලාවෙන්) රාත්‍රී 11:30ට මේ event එක ආරම්භ වනු ඇති අතර එය සජීවීව නැරමීමේ හැකියාව ලබාදීමට Google සමාගම කටයුතු කරනු ඇති.

මීට අමතරව Google සමාගම විසින් Android TV dongle එකක් ද නිකුත් කරනු ඇති බව බොහෝ දෙනා මත පළ කරනු ලබන අතර, Sabrina යන codename එකෙන් හඳුන්වන මේ TV Dongle එක පිළිබඳව අපි ඔබව මීට පෙර දැනුවත් කළා මතක ඇති.

Google සමාගම විසින් ඉදිරියේදී එළිදැක්වීමට නියමිත Android TV dongle එකෙහි specs අන්තර්ජාලයට එක්වෙයි
Google ආයතනය විසින් ඉදිරියේදී හදුන්වා දීමට නියමිත Android TV dongle එකෙහි videosකිහිපයක් පසුගියදා අන්තර්ජාලයට එක්විය. එයින් පසුව මේ වනවිට කාන්දු වී ඇති firmware images කිහිපයක් හරහා වැඩිදුර විස්තරඅනාවරණය කර ගැනීමට XDA-Developers වෙබ් අඩවිය[https://www.xda-developers.com/google-android-tv-dongle-specs-gaming-mode-stadia-support/…
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, 9to5google වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.