මීලඟට හඳුන්වාදීමට නියමිත Samsung Galaxy S20 FE (Fan Edition) එක පිළිබඳව තොරතුරු හා කටකතා කිහිපයක්ම පසුගිය මාස කිහිපය තුළ අන්තර්ජාලය ඔස්සේ සංසරණය වෙනු දකින්නට ලැබුණා.

කොහොම නමුත් එම උපාංගය පිළිබඳව තවමත් කිසිදු නිළ තොරතුරක් වාර්තා වී නොමැති නමුත් මේ වන විට 'Unpacked for Every Fan' යනුවෙන් තවත් Galaxy Unpacked event එකක් පැවැත්වීමට සූදානම් වන බව Samsung සමාගම විසින් නිවේදනය කර තිබෙනවා.

[Invitation] Galaxy Unpacked for Every Fan - Samsung US Newsroom
https://youtu.be/B5nnGs3_LvA Over the years, Samsung has developed a special relationship with Galaxy fans around the world. Their valuable feedback has helped create exciting innovations and made mobile experiences better for everyone. Join us on September 23rd for the Galaxy Unpacked For Every Fan…

මේ event එක අතරතුරදී Samsung සමාගම Galaxy S20 FE ජංගම දුරකථනය එළිදක්වනු ඇතැයි අපේක්ෂා කරනු ලබනවා.

Samsung සමාගම විසින් ඔවුන්ගේ මීළඟ Galaxy Unpacked event එක සඳහා invitation video එකක් share කිරීමට කටයුතු කර ඇති අතර ඒ අනුව මෙම Galaxy Unpacked event එක සැප්තැම්බර් 23 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තත්පර 15 ක පමණ කාලයක් පුරාවට වර්ණ වෙනස් කරන smartphone දෙකක් සහිත Galaxy logo එක මෙම video එකෙහි දැකගැනීමට හැකියාව තිබෙන අතර මෙසේ වෙනස් වන විවිධ වර්ණයන් Galaxy S20 FE සඳහා Samsung සමාගම විසින් ලබා දීමට අපේක්ෂා කරන විවිධ වර්ණ විකල්පයන් යැයි අනුමාන කල හැකිය.

මීට පෙර අන්තර්ජාලයට නිකුත් වූ තොරතුරු වලට අනුව Samsung Galaxy S20 FE device එක සාමාන්‍යය Galaxy S20 එකට සමාන design එකකින් යුක්ත වන අතර එහි මැදින් hole-punch cutout එකක් සහ පිටුපස rectangular camera module එකක් ඇති බව සඳහන් වෙනවා.

කෙසේ වෙතත්, Galaxy S20 දුරකතනය මෙන් නොව, Galaxy S20 FE දුරකතනයෙහි සෑම පැත්තකින්ම තරමක් ඝනකමින් යුක්ත bezels සහිත flat display එකක් ඇති බව අනුමාන ක‍රනවා.

Galaxy S20 Fan Edition (Source: Pricebaba)

Galaxy S20 FE ජංගම දුරකථනය පිළිබඳව අන්තර්ජාලයට නිකුත් වූ specifications වලට අනුව Samsung සමාගම විසින් Snapdragon 865 chip එකකින් බලගැන්වෙන 5G මාදිලියක් සහ Exynos 990 chip එකකින් බලගැන්වෙන 4G මාදිලියක් ලෙස උපාංගයේ සංස්කරණ දෙකක් එළිදැක්වීමට කටයුතු කරනු ඇත.

මෙම variants දෙකෙහිම අඟල් 6.5 ක 2400 x 1080 pixels resolution එකක් සහ 120Hz refresh rate එකක් සහිත SuperAMOLED display එකක් මෙන්ම Corning Gorilla Glass 3 protection එකද ඇතුළත් වනු ඇති බවට නිළ නොවන තොරතුරු මගින් පෙන්වා දෙනවා.

එමෙන්ම 12MP primary sensor එකක්, 12MP ultra-wide camera එකක් සහ 12MP telephoto camera එකක් සහිත triple camera setup එකක් මෙම උපාංගයේ ඇති අතර ඉදිරිපසින්, 32MP selfie camera එකක් ඇතුළත් වනු ඇත.

ඊට අමතරව 6GB of RAM සහ 128GB storage එකකින් සමන්විත යැයි අපේක්ෂා කරන අතර in-display fingerprint scanner එකක් ද ඇති නමුත් එය ultrasonic හෝ optical fingerprint scanner එකක් ද යන්න තවමත් පැහැදිලි නැත.

Connectivity options සඳහා Wi-Fi 6, Bluetooth 5.0, සහ NFC ඇතුළත් වන අතර උපාංගය wireless charging සඳහා සහාය ද ලබා දෙනු ඇති බව අනුමාන කෙරෙනවා.

අවසාන වශයෙන්, Galaxy S20 FE ජංගම දුරකථනයෙහි fast charging සඳහා සහාය දැක්වීම සහ 4,500mAh battery එකක්ද ඇතුලත් වනු ඇති බව අපේක්ෂා කෙරෙනවා.

ඉහත සඳහන් specifications සියල්ලම දැනට අන්තර්ජාලයට නිකුත් වී ඇති නිළ නොවන තොරතුරු වන අතර සැප්තැම්බර් 23 වනදා පැවැත්වීමට නියමිත Unpacked event එක අතරතුරදී මේ පිළිබඳව නිළ තොරතුරු දැනගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මෙම event එක Samsung වෙබ් අඩවිය හරහා මෙන්ම Samsung YouTube channel එක හරහා ද සජීවීව නැරඹීමටද ඔබට අවස්ථාව හිමිවනු ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-developers වෙබ් අඩවිය, Android Police වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.