5G තාක්ෂණය මේ වන විට වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති අතර ලොව ප්‍රමුඛ සමාගම් කිහිපයක් ම එහි පෙරමුණ ගෙන කටයුතු කරමින් සිටිනවා.

කොහොම නමුත් සෑම විටකදීම වඩා හොඳ 5G සම්බන්ධතාවයක් ලබා දීමට නම් අදාල 5G Antenna නිවැරදි දිශාවට මෙන්ම නිවැරදි කෝණයට සකස් කර තිබීම අත්‍යවශ්‍ය වන අතර මේ හරහා වැඩි ප්‍රවණතාවයක් දිය යුතු ප්‍රදේශ ඉලක්ක කරගෙන ආවරණ කලාපය optimize කිරීමට සේවා සපයන්නන් කටයුතු කරනු ලබනවා.

ඉංජිනේරුවන් විසින් මෙතෙක් කල් මෙම කටයුත්ත manually සිදු කළ අතර ඒ සඳහා අදාල ඇන්ටෙනාව සවි කර ඇති ස්ථානයට යාමට සිදුවීමත්, කඳු මුදුන් සහ වහලවල් මත සවි කර ඇති මෙම ඇන්ටනා වලට ප්‍රවේශ වීම නිතර සිදුකිරීම යම් කරදරකාරී කටයුත්තක් බව බැලූ බැල්මට පෙනෙනවා.

මේ නිසා මෙම ගැටළුවෙන් ඉංජිනේරුවන් මුදවා ගැනීමට Samsung සමාගම නව ක්‍රමවේදයක් අත්හදා බැලීමට කටයුතු කරමින් සිටින බව දැනගන්නට ලැබෙන අතර Drone Camera හා AI Powered Cloud Server එකක් ඔස්සේ මෙලෙස සවිකර ඇති Antenna හැරවීමට අවශ්‍ය දිශාව සොයා බලා, එම දිශාවන් නිවැරදිව ලබාදීමට මෙයට හැකියාව තිබෙනවා.

මෙහිදී දුරස්ථ පාලක Drone Camera එක මගින් කඳු මුදුන් හා වහලවල් මත සවිකර ඇති ඇන්ටනා වල ඡායාරූප හා වීඩියෝ ලබාගැනීම සිදුකරන අතර එම ක්‍රියාවලිය smartphone එකක් ඔස්සේ නැරඹීමට ඉංජිනේරුවන්ට හැකියාව ලැබෙනවා.

මෙලෙස එකතු කරගනු ලබන Visual Data එම අවස්ථාවේදීම AI Cloud Server එකට Transfer කිරීම සිදුකරන අතර AI system එක ඔස්සේ අදාල Antenna එක කොපමණ ප්‍රමාණයකට කරකැවිය යුතුද හා ඇල කල යුතුද යන්න පිළිබඳව ඉංජිනේරුවන්ට තොරතුරු ලබාදෙනු ලැබීමෙන් අනතුරුව ඉංජිනේරුවන්ට මෙම Antenna වලට අදාල වෙනස්කම් සිදු කි‍රීමේ හැකියාව ලැබෙනවා.

මේ කටයතුත් manual ආකාරයට සිදු කරන්නේ නම්, එනම් දැනට සිදු කරමින් පවතින ආකාරයට සිදු කරනු ලබන විට, ඒ සඳහා පැය ගණනාවක් ගත වන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා‍ දෙනවා.

මෙම නව තාක්ෂණය සාර්ථක වුව හොත් 5G සේවා සපයන Base Station නඩත්තු කිරීම ඉංජිනේරුවන්ට වඩා පහසු වනු ඇති අතර මේ වන විට ලොව පුරා 75 කට වැඩි සමාගම් හා 40 කට වැඩි රටවල් හා ප්‍රදේශවල 5G සේවා ව්‍යාප්ත කරමින් ඇති නිසාවෙන්, Samsung සමාගම සූදානම් වන්නේ මෙම වසර අගදී ඔවුන්ගේ මෙම නව තාක්ෂණය ලොව පුරා සේවා සපයන්නන් හට හඳුන්වාදීමටයි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Samsung Newsroom එක සහ Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.