Google Photos යනු මීට වසර 5කට පෙර Google සමාගම විසින් හඳුන්වා දුන් සාර්ථක සේවාවක් වන අතර ලොව පුරා මිලියන සංඛ්‍යාත පරිශීලකයින් පිරිසක් මේ වන විට මේ Google Photos සේවාව භාවිතා කරනු ලබනවා.

අලුත් Logo එක සහ පෙනුම (වම් පස) | පැරණි Logo එක සහ පෙනුම (දකුණු පස)

මේ වන විට මේ Google Photos app එක සඳහා අලුත්, සරළ පෙනුමක් ලබාදීමට සහ එහි logo එක වෙනස් කිරීමට Google සමාගම කටයුතු කර ඇති අතර මේ අලුත් design එක සිදු කිරීමේදී පරිශීලකයාගේ memories කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ඉතා පහසුවෙන් search කළ හැකි ලෙස user interface එක design කිරීමට කටයුතු කළ බව Google සමාගම පෙන්වා දෙනවා.

View post on imgur.com

මීට පෙර තිබුණු tabs 4ක interface එක වෙනුවට මෙහිදී Photos, Search සහ Library වශයෙන් tabs තුනක් පමණක් දැකගත හැකි වන අතර,

  • Photos: සාමාන්‍යය පරිදි මේ tab එක හරහා පරිශීලකයාගේ සියළුම photos පෙන්වනු ලබන අතර දැන් විශාල thumbnail, auto-play වන videos පෙන්වනු ලබනවා. මීට අමතරව photos අතර ඇති white space එක අඩු කිරීමටත්, Memories carousel ප්‍රමාණයෙන් විශාල කිරීමටත් ඔවුන් කටයුතු කර තිබෙනවා.
  • Search: Photo library එක විශාල වීමත් සමඟින් search පහසුකම ඉතාමත් වැදගත් අංගයක් වන බවත්, එම හේතුව නිසාවෙන් මෙය ප්‍රධාන tab එකක් ලෙස එකතු කිරීමටත් කටයුතු කර ඇති අතර, මෙයට map view එකක් ද අන්තර්ගත වෙනවා.
  • Library: මේ tab එක තුළ පරිශීලකයා හට වැදගත් වෙන අනෙකුත් albums, favorites, trash, archive සහ අනෙකුත් categories ඇතුලත් වන අතර US සහ Canada යන රටවල් වල සිටින පරිශීලකයින් හට Print Store පහසුකම ලබාදෙනු ලැබෙනවා.

මීට අමතරව අලුතින් හඳුන්වා දුන් logo එක මීළඟ සති කිහිපය ඇතුලත Android, iOS app හරහා සහ Google Photos web app එක මඟින් බලාගැනීමට හැකියාව ලැබී ඇති නමුත් මෙම අලුත් logo එක මුලින්ම අපට බලාගැනීමට හැකි වූයේ iOS app එක සඳහා පමණයි.

View post on imgur.com

මෙම නව logo එක පැරණි Google Photos logo එකට සමානවම design කර ඇති බව දැක ගැනීමට හැකියාව ලැබෙන නමුත් මෙම අලුත් logo design එක සඳහා දැනටමත් පරිශීලකයින් බොහෝ දෙනෙකු අප්‍රසාදය පළ කර තිබෙනවා.

View post on imgur.com

මීට අමතරව අප විසින් මීට දින කිහිපයකට පෙර වාර්ථා කළ ඡායාරූප ලබාගත් ස්ථානය අනුව Map එක හරහා view කල හැකි Explore Map පහසුකම ද Google Photos වෙත මේ වන විට ලබාදීමට කටයුතු කර ඇති බව Google සමාගම විසින් ඔවුන්ගේ නිළ Google blog එක හරහා ප්‍රකාශ කර තිබෙනවා.

ඡායාරූප ලබාගත් ස්ථානය අනුව Map එක හරහා view කල හැකි Explore Map පහසුකම Google Photos වලට එකතු කිරීමට සූදානම් වෙයි
Google Photos වල store කර ඇති ඡායාරූප සියල්ලම, ඒවා ලබාගත් ස්ථානය අනුව map එකක්ඔස්සේ පෙන්වීමේ පහසුකමක් එකතු කරන ලෙස පරිශීලකයින් විසින් කෙතෙක් ඉල්ලා සිටියද, එයටමේ දක්වා පිළිතුරක් ලබාදීමට Google සමාගම කටයුතු කර තිබුණේ නැහැ. මේ හේතුව නිසාම third-party developer වරුන් විසින් Photo Map for Google Photo…

මෙම Google Photos redesign එක version 5.0 නමින් ඉදිරි සති කිහිපය ඇතුලත් සියළුම පරිශීලකයින් හට නිකුත් කර ඇති අතර මේ වන විට බොහෝමයක් Android සහ iOS පරිශීලකයින් හට මෙය භාවිතා කර බැලිමට අවස්ථාව හිමිව ති‍බෙනවා.

Google Photos - Apps on Google Play
Google Photos is the home for all your photos and videos, automatically organized and easy to share. - “The best photo product on Earth” – The Verge - “Google Photos is your new essential picture app” – Wired The official Google Photos app is made for the way you take photos today and includes …
Google Photos on Google Play Store
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Google Blog එක, XDA-Developers වෙබ් අඩවිය, 9to5google වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.