Huawei යනු මේ වනවිට ලොව දෙවන විශාලතම Smart Watch නිෂ්පාදකයා වන අතර මේ දක්වා ඔවුන්ගේ smartwatch හැඳින්වූයේ Huawei Watch යන නමින් වුවත්, Mate Watch යන trademark එක ද ලබාගැනීමට Huawei සමාගම කටයුතු කළ බව වාර්ථා වුණා.

මෙතෙක් නිකුත් කරන ලද සියලුම Huawei Watch නිකුත් කරනු ලැබුවේ Huawei Wearable Platform එක සමගින් වන අතර මේ වන විට වාර්ථාවන තොරතුරු වලට අනුව Huawei සමාගම අලුතෙන්ම නිකුත් කරන්නට සූදානම් වන Mate Watch එක මෙම පැරණි Platform එක වෙනුවට ඔවුන්ගේ නවතම Harmony OS එක හරහා බළගැන්වීමට කටයුතු සූදානම් වෙමින් පවතිනවා.

මීට අමතරව Huawei හි ප්‍රධානතම flagship මාදිලියේ නවතම සංස්කරණය වන Huawei Mate 40 Series එක බොහෝ දුරට ඔක්තෝබර් 1 වනදා නිකුත් වියහැකි බවත්, ඒ සමඟින්ම මේ අලුත් Mate Watch එක ද එළිදැක්වීමට කටයුතු කරනු ඇති බවත් වාර්ථා වෙනවා.

Huawei සමාගමේ අලුත් මෙහෙයුම් පද්ධතිය වන HarmonyOS එක නිළ වශයෙන් එළිදැක්වීමට කටයුතු කරයි
Huawei සමාගමේ Hongmeng OS එක මේ සති‍ය ඇතුලත එළිදැක්වීමට කටයුතු කරනු ඇති බව[/huaweis-hongmeng-os-could-be-revealed-this-week/] පසුගිය අගෝස්තු මස 5 වැනි දිනඅපි ඔබව දැනුවත් කළා මතක ඇති. ඔන්න දැන් Android මෙහෙයුම් පද්ධතිය වෙනුවට භාවිතා කිරීමට සූදානම් වන Huaweiසමාග‍මේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය ගැන නිළ …

2019 වර්ෂයේදී පැවති Huawei Developer Conference (HDC) එක අතරතුරදී Harmony OS එක එළිදැක්වීමට කටයුතු කළ අතර මෙම වසරේදී එහි 2.0 සංස්කරණය PC, car සහ smart wearable සඳහා සහාය දක්වමින් නිකුත් කරනු ලබන බව Huawei සමාගම විසින් ප්‍රකාශ කර තිබෙනවා.

Huawei සමාගමට Google Mobile Service අහිමි වීමත් සමඟ Android මෙහෙයුම් පද්ධතිය ද අහිමි වීමේ අවදානමක් පැන නැගුණු අතර ඊට සූදානම් වීමක් ලෙස Linux micro-kernel architecture එක මත පදනම් වූ Harmony OS නම් මෙම නවතම මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීමට කටයුතු කළා.

නමුත් මේ දක්වා මෙම මෙහෙයුම් පද්ධතිය ජංගම දුරකථන වෙත ඇතුලත් කිරීමට Huawei සමාගම කටයුතු කර නැතත්, දැනට Huawei Smart TV බළගැන්වීම සඳහා මෙය භාවිතා කරනු ලබනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GizmoChina වෙබ් අඩවිය, Android Headlines වෙබ් අඩවිය සහ NotebookCheck වෙබ් අඩවිය භාවිතා කළ හැක.