බොහෝ ජංගම දුරකථන නිශ්පාදකයින් තමන් නිපදවන devices සදහා dedicated “gaming mode” එකක් ලබාදීමට කටයුතු කරනු ලබන බව ඔබ දැක ඇති.

මෙම gaming mode එක හරහා game එකක් play කිරීමේදී gaming experience එක සදහා වැඩි අවධානයක් ලබාදීම මෙන්ම game එක සදහා වැඩි performance එකක් ලබාදීමට කටයුතු කරනු ලබනවා.

Samsung සමාගමේ Game Tuner යනු මෙවැනිම app එකක් වන අතර මෙය Samsung Galaxy device පරිශීලකයන් උදෙසා ලබාදීමට කටයුතු කර තිබුණු නමුත් මේ වනවිට Samsung සමාගම විසින් මේ සදහා ලබාදෙන සහාය නතර කිරීමට පියවර ගෙන තිබෙනවා.

පසුගිය වසර කිහිපය තිස්සේ FPS counter වැනි ප්‍රයෝජනවත් අංග රාශියක් අහිමි වීමෙන් පසුව මෙම යෙදුම අවසන් වරට update කරන ලද්දේ 2018 දෙසැම්බර් මාසයේදීය.

මෙම Game Tuner එක තවමත් Google Play Store සහ Galaxy Store තුළ දැක ගත හැකි වුවත් Samsung Community සාමාජිකයින් හට දැනුම් දීම සහ අප්‍රේල් 30 වනදා සිට download කිරීම අවහිර කරනු ලබන බව Samsung සමාගම නිවේදනය කර තිබුණා.

කොහොම නමුත් Android Oreo සංස්කරණය භාවිතා වන devices වල, දැනට මෙම app එක භාවිතා කරනු ලබන පරිශීලකයින් හට එය දිගටම භාවිතා කළ හැකි අතර  run විය යුතුය. ඔබට Game Tuner සේවාව වෙනුවට විකල්ප ලෙස third-party gaming modes වෙත යොමු විය හැකිය.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ Samsung Community එක භාවිතා කළ හැක.