චීනයේ Suzhou වල පිහිටා ඇති සිය LCD තිර නිෂ්පාදන කර්මාන්තශාලාව TCL සමාගමට විකුණා දැමීමට Samsung සමාගම කටයුතු කර ඇති බව මේ වන විට වාර්ථා වෙනවා.

TCL සමාගමට අනුබද්ධ දේශීය සමාගමක් වන CSOT (China Star Optoelectronics Technology) සමාගම විසින් මෙම මිලදීගැනීම සිදුකර ඇති අතර මෙම ගනුදෙනුවේ වටිනාකම බිලියන $1.8 ක් පමණ වන බව ද සඳහන් වෙනවා.

CSOT යනු LCD තිර නිපදවන විශාල සමාගමක් වන අතර, Alacatel ජංගම දුරකථන වල නිෂ්පාදන කටයුතු සිදුකරන්නේ ද මෙම CSOT සමාගම විසින් වන බවද සඳහන් වෙනවා.

Samsung Monitor හා රූපවාහිනී සඳහා වන LCD තිර අවශ්‍යතාවයෙන් 27% ක් පමණ සපුරන්නේ මෙම Suzhou වල පිහිටා ඇති නිෂ්පාදන කර්මාන්තශාලාව හරහා බව වාර්තා වන අතර මෙම ගනුදෙනුවෙන් පසුව මෙම නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ 60% ක පමණ කොටස් Suzhou සමාගම සතු වනු ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම කොටස් 10% ක් පමණ TCL සමාගමටත් ඉතිරි 30% හි හිමිකාරීත්වය Suzhou, ප්‍රාදේශීය පරිපාලනයටත් හිමිවනු ඇති බව සඳහන් වී තිබෙනවා.

Samsung සමාගම ටිකෙන් ටික සිය Electronic උපාංග වලින් LCD තිර නිෂ්පාදනය ඉවත් කර ගනිමින් සිටින අතර ඉදිරියේ දී සිය මූලික අවධානය Quantum dot තිර නිෂ්පාදනය සඳහා යොමු කිරීමට අපේක්ෂා කරන බවට ද තොරතුරු වාර්තා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.