Google සමාගම විසින් ළමයින් සඳහා සුදුසු විශේෂාංග සහ අන්තර්ගතයන් ඇතුළත් කරමින්, Android tablets සඳහා නව Android mode එකක් එළිදැක්වීමට කටයුතු කර තිබෙනවා.

මෙය Kids Space නමින් හැදින්වෙන අතර මෙම mode එක Lenovo සමාගමෙහි නවතම Tab M10 HD Gen 2 වෙත හදුන්වාදීමට ද කටයුතු කර ඇති බව මේ වන විට වාර්ථා වෙනවා.

Google සමාගම පවසන්නේ මෙම Kids Space mode එක, දරුවාගේ කුතුහලය සහ නිර්මාණශීලිත්වය පෝෂණය කිරීම සඳහා නිර්මාණය කර ඇති බව වන අතර, ඔවුන්ගේ රුචිකත්වයන් තෝරා ගැනීමෙන් පසු Google විසින් එම දරුවන් හට ගැලපෙන පොත්, apps, games සහ videos ආදිය යෝජනා කරනු ලබනවා.

මෙහි අන්තර්ගත වන පොත්, games ‍සහ apps යම්කිසි algorithm එකක් හරහා select කරන ලද ඒවා නොවන බවත්, මෙය නිර්මාණය කිරීමේදී ළමා අධ්‍යාපනය පිළිබඳව විශේෂඥයින්ගේ උපදෙස් අනුව මෙම algorithms design කර ඇති බවත් Google සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මීට අමතරව Google සමාගම පොත් ප්‍රකාශකයින් සමඟින් සම්බන්ධ වී, ළමා පොත් නොමිලයේ ලබාදීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීමට කටයුතු කර ඇති අතර, ඇමෙරිකාවේ පමණක් මේ ආකාරයේ පොත් 400කට අධික ප්‍රමාණයක් නොමිලයේ ලබාගැනීමට හැකියාව ඇති බව ඔවුන් සඳහන් කරනවා.

මීට අමතරව Google සමාගම විසින් නිර්දේශ නොකරන විශේෂිත apps, games හෝ පොත් ආදිය මෙයට ඇතුලත් කිරීමට අවශ්‍යය නම්, parent's menu එක හරහා ඒවා ඇතුලත් කළ හැකි වන අතර, මේ සඳහා Family Link app එක භාවිතා කළ හැකි වෙනවා.

කොහොම නමුත් මේ Kids Space mode එක භාවිතා කිරීම සඳහා දරුවාට Google Account එකක් නිර්මාණය කර දිය යුතු වන අතර, මේ හරහා Google Assistant පහසුකම භාවිතා කළ නොහැකි බව ද වාර්ථා වෙනවා.

මේ Kids Space mode එක ඇතුලත් වන පළමුවැනි Android tablet එක වන Lenovo Smart Tab M10 (Gen 2) tablet එක එළිදැක්වීමට Lenovo ආයතනය කටයුතු කර ඇති අතර, මෙය ඇමෙරිකානු ඩොළර් 129ක් ලෙස මිළ සටහන් වෙනවා.

මෙම Kids Space mode එක තවමත් ලබා දී තිබෙන්නේ Lenovo Tab HD M10 (2nd Generation) සහ Lenovo SmartTab M10 HD (2nd Generation) යන tablets සඳහා පමණක් වුවත් අනාගතයේදී මෙය අනෙකුත් Android උපාංග වෙත ද නිකුත් කරනු ලබන බව Google සමාගම විසින් සඳහන් කරනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය, Tech Crunch වෙබ් අඩවිය සහ Google Families වෙබ් අඩවිය භාවිතා කළ හැක.