අද දින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ දකුණු කොරියානු ජනපති Moon Jae-in සමගින් Samsung Electronics සමාගම ලොව විශාලතම ජංගම දුරකථන නිෂ්පාදනාගාරය ඉන්දියාවේදී විවෘත කිරීමට කටයුතු කළා.

මෙම නිෂ්පාදනාගාරය දිල්ලි නගරයේ Noida යන ප්‍රදේශයේ ඉදි කර ඇති අතර වසරකට smartphone මිලියන 120ක පමණ ප්‍රමාණයක් මෙහි නිෂ්පාදනය කළ හැකි බවට ඔවුන් ගණන් බලා තිබෙනවා. මෙහිදී ඇමෙරිකානු ඩොලර් 100 ට අඩු entry-level ජංගම දුරකථන නිෂ්පාදනය සඳහා වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති අතර මීට අමතරව Galaxy S9 වැනි flagship devices ද නිෂ්පාදනය කිරීමට ඔවුන් බළාපොරොත්තු වෙනවා.

korea-moon-modi-mea-samsung

ඉන්දියාව යනු බිලියන 1.3 කට අධික ජනගහනයකින් යුතු රටක් වුවත්, මේ වන විටත් එහි smartphone බාවිතා කරන්නන් සිටින්නේ මිලියන 400 ක පමණ ප්‍රමාණයක්. එමෙන්ම නුදුරු අනාගතයේදී ඉතාම හොඳ මට්මටමේ ආදායමක් ලැබිය හැකි වෙළඳ කලාපයක් බවට ඉන්දියාව පත් කර ගැනීමට Samsung සමාගමට හැකි වේවි.

2017 වර්ශයේ පමණක් ඉන්දියාවේ ජංගම දුරකථන මිලියන 124ක් පමණ අලෙවි වී තිබෙන අතර මෙම අළුතින් ඉදි කරන ලද නිෂ්පාදනාගාරය හරහා මීළඟ වසර කිහිපයේ දී ඉන්දියාවේ ජංගම දුරකථන ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට ඔවුන් කටයුතු කරාවි.

පසුගිය කාලසීමාව තුලදී Xiaomi සමාගම විසින් Samsung සමාගම අභිබවා තම වෙළඳ අධිකාරිය ඉන්දියාව පුරා පතුරුවාගන්නට සමත් වුණා. එමෙන්ම මෙම ඉදිකිරීමත් සමඟින් දැනට පවතින තත්ත්වය වෙනස් කර ගැනීමට Samgung සමාගම බළාපොරොත්තු වෙනවා.

මේ වන විට පිට රට වලින් ආනයනය කරනු ලබන ජංගම දුරකථන සඳහා 20% ක බද්දක් අය කිරීමට ඉන්දියානු රජය කටයුතු කරන බැවින් නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉන්දියානුවන්, ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදන මිළදී ගැනීම උදෙසා "Make in India" යන පාඨය ඔස්සේ කරන දිරි ගැන්වීම් වලින් වැඩි වාසියක් ලබා ගැනීමට Samsung සමාගමට මෙහිදී අවස්ථාව ලැබේවි.

worlds-biggest-phone-factory

මේ අනුව Samsung, Xiaomi මෙන්ම Apple සමාගම ද ඉන්දියාවට අවශ්‍යය ජංගම දුරකථන ඉන්දියාවේදීම නිෂ්පාදනය කිරීමට කටයුතු කරනවා. iPhone SE සහ iPhone 6S යන දුරකථන මේ වන විටත් ඉන්දියාවේදී assemble කරනු ලබනවා.

ඉන්දියාව ඉතා හොඳ වෙළඳපලක් වුවත් බොහෝ විට මෙහි අලෙවිය වැඩි වන්නේ අඩු මිළ ගණන් වලට අලෙවි වන ජංගම දුරකථන වීම නිසාවෙන් බොහෝ විට එක් device එකකින් ලැබෙන ලාභ ප්‍රමාණය ඉතාම සීමා සහිත වන අතර එහිදීම දුරකථන නිෂ්පාදනය කිරීම මගින් නිෂ්පාදන වියදම් මෙන්ම අනෙකුත් වියදම් ද අවම කරගැනීමට ලොව විශාලතම smartphone නිෂ්පාදකයා විසින් විශාලතම නිෂ්පාදනාගාරය එහි ඉදි කිරීමෙන් පැහැදිළි වෙනවා.