අස්ථි, එහෙමත් නැතිනම් අැටකටු කියන්නේ අපේ ශරීරයේ හැම තැනක්ම වගේ එකට සම්බන්ධ වෙලා තියන සැකිල්ලක් කියලා අපි හැමෝම දන්නවානේ. ඉතින් මේ අස්ථි වල මූලික කාර්ය්‍යට වඩා වෙනස්ම විදිහේ දෙයක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ.

මේ අස්ථි හරහා අපිට ශබ්ධ අහන්න පුළුවන් කිවොත් එය පුදුමයට කාරණාවක් වෙනවා. නමුත් ඒ කාරණය දැන් ඇත්තක් වෙලා තියනවා. අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා.

මුලින්ම අපි දැනගමු අපිට ශබ්ද ඇහෙන්නේ කොහොමද කියලා. අපි හැමෝම දන්නවා ශබ්ද ගමන් කරන්නේ තරංග විදියට කියලා. ඉතින් මේ ශබ්ද තරංග කනට ඇතුල් වෙලා අපේ කන්බෙරය හරහා කර්ණ ශංකයට ගමන් කරනවා, මේ විදිහට ශබ්ද තරංග කන්බෙරය හරහා ගමන් කරන කොට ඒ ශබ්ද තරංග vibration එකක් විදිහට convert වෙනවා. මේ vibration එක කර්ණශංකයේ තියන මොළයට සම්බන්ධ ස්නායු හරහා මොළයට ගමන් කරනවා. අපේ මොළයට පුළුවන් මෙ ශබ්ද තරංග අදුනගන්න.

normal-hearing-vs-bone-conduction-techie

හරි ඒ අපිට සාමාන්‍ය විදියට ශබ්ද ඇහෙන විදියනේ, එතකොට ඇටකටු හරහා ඇහෙනවා කියන්නෙ කොහොමද? අපි අත් දෙකෙන් අපේ කන් දෙකම වහගෙන කතා කලත් අපිට ඒක ඇහෙනව නේද, එහෙම ඇහෙන්නේ අපි කතා කරනකොට ඇති වෙන ශබ්ද තරංග අපේ මුහුණේ තියන අස්ථි හරහා ගමන් කරල මොළයට සම්බන්ධ ස්නායු හරහා මොළයට යන නිසා.

ඉතින් මේ bone conduction තාක්ෂණය මගින් කරන්නෙත් අපේ කන්බෙරයන් කරනවා වගේ ශබ්ද තරංග vibration එකක් බවට convert කරන එක. ඊට පස්සේ මේ vibration එක අපේ අස්ථි හරහා මොළයට ගමන් කරන්න සලස්වල අපිට පුළුවන් සාමාන්‍ය විදියට කන් හරහා ශ්‍රවණය කරනවා වගේම ඕනෑම ශබ්දයක් අහන්න පුළුවන්.

ශ්‍රවණ ආබාධ තියන ගොඩක්ම දෙනෙක්ට තියෙන්නෙ කන්බෙරයේ ගැටලු. ඉතින් එහෙම අයට මේ තාක්ෂණයේ උදව්වෙන් තමන්ගේ ගැටලුව විසදා ගන්න මේ වෙනකොට පුලුවන් වෙලා තියනවා. ඒ වගේම මේ වෙනකොට hedphones වගේ උපකරණත් මේ තාක්ෂණය සහිතව නිර්මාණය කරලා තියනවා.