Samaung සමාගම විසින් CES 2020 event එක අතරතුරදී එළිදක්වන ලද Artificial Human (කෘතිම මිනිසෙක්) කෙනෙකු ලෙස හඳුන්වා දෙන ලද Neon සේවාව මෙම වසර අවසන් වීමට පෙර ඡංගම දුරකථන වලට ලැබෙනු ඇති බව තොරතුරු වාර්තා වී තිබෙනවා.

NEON - Artificial Human
NEON is a computationally created virtual being that looks and behaves like us.

Samsung සමාගමටම අනුබද්ධ STAR (Samsung Technology and Advanced Research) Lab හි CEO ලෙස කටයුතු කරන Pranav Mistry මහතා විසින් තබන ලද Twitter සටහනක් මඟින් මෙම තොරතුරු හෙළි වී තිබෙන අතර එහි නිල වෙබ් අඩවියේ විස්තර වලට අනුව Neon යනු අප වැනිම පෙනෙන හා හැසිරෙන පරිගණකගත මිනිස් රුවක් බව සඳහන් කල හැකියි.

මෙම Twitter සටහනට පිළිතුරක් සටහන් කරමින් ice universe විමසා සිටියේ මෙම Neon සේවාව ඡංගම දුරකථන වලට ලැබෙන්නේ කවදාද යන්න වන අතර ඊට පිළිතුරු ලෙස Pranav Mistry විසින් එය මෙම වසරේ නත්තලට පෙර ජංගම දුරකථන වලට ලැබෙනු ඇති බවට පිළිතුරු ලබා දී තිබෙනවා.

Samsung Bixby, Apple Siri, Google Assistant, Alexa, Huawei Celia වැනි ජනප්‍රිය Voice Assistant ලා කිහිප දෙනෙක්ම මේ වන විට පරිශීලකයන්ට සිය සේවය ලබා දෙමින් සිටින නමුත් මෙම Neon හි ඇති වෙනස නම් මෙම Assistant සාමාන්‍ය මිනිස් රුවක් ලෙසම පෙනී සිටීමයි.

එමෙන්ම Neon ට පරිශීලකයා සම්බන්ධ දේවල් මතක තබා ගැනීමට, සාමාන්‍ය මිනිසුන් මෙන්ම හැඟීම් දැනීම් පෙන්වීමට හා සාමාන්‍ය පරිදි සංවාද සිදු කිරීමට ද හැකියාවක් තිබෙනවා.

මෙම හැකියාවන් කිසිවක් වත්මත් Voice Assistant වැඩසටහන් වලට නොමැති අතර Neon හට ඔබ වෙනුවෙන් ගුරුවරයෙකු, යෝග උපදේශකයෙකු, කථිකයෙකු හෝ වාර්තාකරුවෙකු හෝ විය හැකි අතර එයින් අදහස් වන්නේ Neon ව එකිනෙකට වෙනස් බොහෝ දේවල් වලට program කළ හැකි බවයි.

කොහොම වුණත් මීට වසරකට පමණ පෙර CNET ආයතනය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී Pranav Mistry ප්‍රකාශ කර සිටියේ මෙය කිසිසේත්ම දැනට තිබෙන Voice Assistant ලා වෙනුවට replace කිරීමක් සිදු නොකරන බව වන අතර STAR Lab එක Samsung සමාගම යටතේ තිබුණද Samsung ජංගම දුරකථන සමඟ pre-installed ලෙස මෙම වැඩසටහන ලබා නොදෙන බවයි.

කොහොම උනත් virtual assistant යන සංකල්පය යන මාවතකට යොමු කරන මෙම නවතම Neon සේවාව පිළිබඳව ඉදිරියේදී තවත් තොරතුරු දැනගැනීමට හැකියාව ලැබෙනු ඇති අතර, එම තොරතුරුත් ඉදිරියේදී ඔබ වෙත ගෙන එන්නට අප සූදානම්.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ NEON වෙබ් අඩවිය, Sammobile වෙබ් අඩවිය සහ Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.