දැනට ආරංචි වන අන්දමට Samsung සමාගම 500MP sensor එකක් පිළිබඳව පරීක්ෂණ කරමින් ඉන්නවා.
Samsung Galaxy S25 Ultra දුරකතනයේ තොරතුරු අන්තර්ජාලය වෙත ලීක් ව තිබෙනවා. මේ තොරතුරු අනුව, මෙම උපාංගය සැම්සුන්ග් පාරිභෝගිකයින්ගේ අපේක්ෂාවන් ඉහළට ඔසවා තබන බව නම් පැහැදිලියි.
පසුගිය දිනවල dbrand සමාගම විසින් හෙළිකර ඇති තොරතුරු අනුව, Galaxy S25 Ultra හි බාහිර පෙනුම තරමක් වෙනස් විය හැකි අතර, මෙතෙක් දකින්නට ලැබුණා ට වඩා Curved corners සහිත පෙනුමක් ඒ වෙත ලැබෙනු ඇතැයි විශ්වාස කෙරෙනවා.
You can think of it as a work of netizens' imagination, but it is not the color of the real S25 Ultra and it is completely wrong. pic.twitter.com/Fnx4XwhQzi
— ICE UNIVERSE (@UniverseIce) December 26, 2024
මෙම වෙනස හුදෙක් අලංකාරය සඳහා පමණක් නොව, දුරකථනයේ අභ්‍යන්තර දෘඩාංග වෙත අවශ්‍ය ඉඩකඩ වැඩි කර ගැනීම සඳහාද යොදාගෙන ඇති බව පැහැදිලියි.
කැමරා පද්ධතිය ගැන නම් විවිධාකාර ආරංචි කිහිපයක් ම අන්තර්ජාලයේ සැරිසරනවා. එකකට අනුව Galaxy S25 Ultra එහි ප්‍රධාන කැමරාව තවමත් පෙර පරම්පරාවේ තිබූ 200MP Isocell HP2 සංවේදකයම භාවිතා කරන බව වාර්තා වෙනවා.
Exclusive: Samsung is currently developing a “3-layer stacked” image sensor in a PD-TR-Logic configuration for Apple.
— Jukanlosreve (@Jukanlosreve) January 1, 2025
This sensor is more advanced than Sony’s existing Exmor RS, and I believe it cannot be ruled out as a potential candidate for the main sensor.
Samsung is…
කොහොම නමුත් මීට පෙරත් විශ්වාසදායි තොරතුරු ගණනාවක් අන්තර්ජාලය වෙත ලීක් කල Jukanlosreve ට අනුව Samsung සමාගම 500MP sensor එකක් පිළිබඳවත් පරීක්ෂණ කරමින් ඉන්නවා.
මේ සෙන්සර් එක නම් මේ වසරේ එන දුරකථන සමග භාවිත වේවිද කියන එක කියන්න තවම ඉක්මන් වැඩියි.
S25,S25+,S25 Ultra pic.twitter.com/x7TupwE1GJ
— ICE UNIVERSE (@UniverseIce) October 9, 2024
දැනට ආරංචි වන අන්දමට Qualcomm සමාගමේ නවතම Snapdragon 8 Elite චිපය සමග තමයි S25 Ultra නිකුත් වෙන්නේ, වඩාත් වැඩි සැකසුම් බලයක් මේ ඔස්සේ පෙන්නුම් කරනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්ෂා කරනවා.
මීට අමතරව 6.9-inch විශාල තිරයක් හා නව පරම්පරාවේ Galaxy AI විශේෂාංගද මේ වෙත ඇතුලත් වේවි කියලා බොහෝ දෙනෙක් අනුමාන කරනවා.
සැම්සුන්ග් සමාගම 2025 ජනවාරි 22 වන දින Galaxy Unpacked උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත්, ජනවාරි 24 වන දින සිට පෙබරවාරි 3 දක්වා පූර්ව ඇණවුම් භාර ගැනීමට නියමිත බවත්, සාමාන්‍ය වෙළඳපොළ වෙත නිල වශයෙන් එළිදැක්වීම පෙබරවාරි 7 වන දින පමණ සිදු කෙරෙනු ඇති බවත් තාක්ෂණික ලෝකයේ ආරංචි පල වෙනවා.
ඒවගේම දැනටම වසර මැද දී Samsung සමාගම නිකුත් කිරීමට නියමිත Galaxy S25 Special Edition නම් slim දුරකතයක් ගැනත් අන්තර්ජාලයේ කතාබහ වෙනවා. ඒ වගේම මෙය iPhone 17 දුරකථන පෙළෙහි slim දුරකථනය හා වෙළඳපොලේ තරඟ වදිනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා forbes.com වෙබ් අඩවිය සහ tomsguide.com වෙබ් අඩවිය භාවිතා කළ හැක.