UTG එහෙම නැතිනම් Ultra thin glass යනු වර්තමානයේ Foldable උපාංග වල සඳහා භාවිතා වන තිර ආරක්ෂණ විශේෂයක් වන අතර සාමාන්‍ය flat තිර සඳහා භාවිතා වන තිර වලට වඩා ඒවා සැලකිය යුතු ලෙස මිල අධික වෙනවා.

සාමාන්‍ය flat තිරයක් සඳහා භාවිතා කරනු ලබන glass එක 2$ ක් පමණ වෙද්දී මෙම UTG glass එකක් 40$ ක් පමණ වන අතර මේ නිසා Samsung සමාගමට සිය folding උපාංග වල තිර ආරක්ෂණය සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුව තිබෙනවා.

Folding උපාංග මිල අධික වීමට මෙයද බලපා ඇති අතර Samsung සමාගම විසින් අලුතින්ම නිකුත් කල Galaxy Z Fold 2 ජංගම දුරකථනය ඇමෙරිකානු ඩොළර් 2000$ ක් පමණ වන බව සඳහන් වෙනවා.

මේ නිසා Samsung සමාගම විසින් තමන්ගේම UTG තිර නිෂ්පාදනය කරගැනීම සඳහා ප්‍රකට ඇමරිකානු Glass සහ Ceramic තාක්ෂණය සහිත සමාගමක් වන Corning සමඟ සම්බන්ධ වීමට තීරණය කර ඇති බව දැනගන්නට ලැබෙනවා.

Corning සමාගම ලොව පුරා ජංගම දුරකථන ලෝලීන්ගේ අවධානය දිනාගෙන ඇත්තේ එම සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන Corning Gorilla Glass එක නිසාවෙන් වන අතර, දැනට Samsung Display සමාගම විසින් Samsung Electronic සමාගම සඳහා මෙම UTG glass නිශ්පාදන කරන්නේ DOWOO INSYS සමාගම විසිනුයි.

Samsung Display යනු Samsung සමාගමටම අනුබද්ධ ස්වාධීන සමාගමක් වන අතර Samsung Electronic ආයතනයේ මෙම නව තීරණයත් සමඟ Samsung Display සමාගම හා අනෙකුත් Glass ආරක්ෂණ තිර නිපදවන සමාගම් අතර තරඟකාරීත්වය වැඩි වනු ඇති බව අනුමාන කළ හැකි වෙනවා.

මේ අනුව ඉදිරි Samsung foldable උපාංග වල තිර ආරක්ෂණය සඳහා යොදාගනු ලබන වීදුරු, Corning සමාගමේ තාක්ෂණය ඔස්සේ නිෂ්පාදනය වනු ඇති බව අනුමාන කළ හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය, Android Central වෙබ් අඩවිය සහ Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.