Apple devices භාවිතා කරන බොහෝ දෙනෙකුගේ ජනප්‍රියම සේවාවන් වලින් එකක් වන FaceTime සේවාවේ Group FaceTime පහසුකම තාවකාලිකව නවතා දැමීමට Apple සමාගම කටයුතු කර තිබෙන බව දැනගන්නට ලැබෙනවා.

මේ අනුව iOS සහ macOS භාවිතා වන කිසිඳු device එකක් හරහා තවදුරටත් Group FaceTime පහසුකම භාවිතා කිරීමේ හැකියාව නොමැති අතර මෙයට හේතුව වශයෙන් Apple සමාගම පෙන්වා දෙන්නේ මෙම සේවාව භාවිතා කිරීමේදී ඇති වන ආරක්ෂක හේතුවක් මත මෙය අවහිර කිරීමට කටයුතු කළ බව Apple සමාගම ප්‍රකාශ කරනවා.

FaceTime පහසුකම හරහා Mac එකකට හෝ iPhone එකකට ඇමතුමක් ලබා ගන්නා විට, ඇමතුම ලබන්නා එම ඇමතුම pickup කිරීමට ප්‍රථමව ඔහුට/ඇයට සවන් දීමට ඇමතුම ලබාගන්නාට හැකියාව ලැබීම මෙම හදිසි තීරණය ගැනීමට මුල් වී තිබෙනවා.

මෙම තත්ත්වය ඇති වන්නේ දැනට ලබා ගනිමින් තිබෙන ඇමතුමකට අලුතින් සම්බන්ධ වන පුද්ගලයෙකු හට වන අතර දැනට පවතින settings අනුව answer කර ඇති call එකකට අලුත් පුද්ගලයා සම්බන්ධ වූ බව අනුමාන කරමින් සම්බන්ධ වී සිටින්නන් සියලුදෙනාගේ හඬ ඇසීමට අලුතින් එකතුවන්නාට හැකියාව ලැබෙනවා.

‍මේ වන විට Apple සමාගම විසින් ඔවුන්ගේ servers හරහා මෙය block කර තිබෙන නමුත් ලොව පුරා සිටින Apple device පරිශීලකයන් කොටසකට ඉහත සඳහන් කළ දුර්වලතාවය භාවිතා කිරීමේ හැකියාව තවමත් ඇති බව වාර්ථා වෙනවා.

මීට හේතුව මීට අදාල සියළුම servers එක් වරම update කිරීමට Apple සමාගම අපොහොසත් වීම බව අනුමාන කළ හැකි අතර මෙම තත්ත්වය විසඳීම සඳහා මේ සතිය අග වන විට software update එකක් නිකුත් කිරීමට Apple සමාගම බළාපොරොත්තු වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, නිළ Apple වෙබ් අඩවිය හා 9to5mac වෙබ් අඩවිය භාවිතා කළ හැක.