Samsung සමාගම විසින් S21 series එක නිකුක් කර මේ වන විට මාස 7 ක් ඉක්මවා ගොස් තිබෙන අතර, එහි අලෙවි දත්ත සමාගම කළකිරවනසුලු දත්ත බවට මේ වන විට පත්ව ඇති බව නවතම වාර්තා පෙන්වා දෙනවා.

පර්යේෂණාත්මක දත්ත විශ්ලේෂක සමාගමක් වන Kiwoom Securities උපුටා දක්වමින් කොරියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, S21 series එකේ මුල් මාස හයේ අලෙවිය S20 series එකට වඩා 20% කට වඩා අඩු වී ඇති බව හා S10 series එකට වඩා 47% ක් තරම් විශාල අගයකින් අඩු වී ඇති බවයි.

ඒ අනුව S21 series එක පළමු මාස 6 තුළ අලෙවි කර තිබෙන්නේ දුරකථන ඒකක මිලියන 13.5ක් පමණයි.

නමුත් නිකුත් කර පළමු මාස 6 තුළ S20 series එකේ දුරකථන ඒකක මිලියන 17 ක් අලෙවි වී ඇති අතර, S10 series එක නිකුත් කර පළමු මාස හය තුළ අලෙවි වූ දුරකථන ඒකක ගණන දැක්වෙන්නේ මිලියන 25.5 ක් ලෙසයි.

Samsung සමාගම වඩා වැඩි අවධානයක් මෙවර සිය S21 series එකට ලබා ලබා ගැනීමේ අරමුණින්, එය ජනවාරි මාසයේදී නිකුත් කල අතර දුරකථනයේ මිල ගණන් ද S20 series එකේ මිල ගණන් වලට වඩා අඩුවෙන් තබා ගැනීමටද උත්සුක වී තිබුණා ඔබට මතක ඇති .

කොහොම වුනත් එම උපායමාර්ගයන්, ප්‍රායෝගික තලය තුළ අසාර්ථක වී ඇති බව තහවුරු වී තිබෙන අතර, ජනප්‍රිය සමීක්ෂණ ආයතනයක් වන Counterpoint හි වාර්තාවකද මෙම පසුබෑම දක්නට ලැබෙනවා.

Xiaomi සමාගමේ වර්ධනයද මේ අතර කැපී පෙනෙන සිදුවීමක් වෙන අතර, දැනටම Apple සමාගම ද අභිබවා යෑමට Xiaomi සමාගම සමත් වී තිබෙනවා.

Samsung සමාගම මෙම වසරේ පළමු මාස හය තුළ අලෙවි කර ඇති සමස්ථ දුරකථන ඒකක ගණන මිලියන 58 ක් වන අතර, Xiaomi සමාගම මෙම වසරේ පළමු මාස හය තුළ දුරකතන ඒකක මිලියන 53ක් අලෙවි කර තිබෙනවා.

ලොව දෙවන විශාලතම ජංගම දුරකථන නිශ්පාදකයා බවට පත්වීමට Xiaomi සමාගම සමත් වෙයි
ජංගම දුරකථන නිෂ්පාදකයින් අතර පවතින තරඟය පිළිබඳව අපි වරින් වර ඔබ වෙත තොරතුරු ගෙන ඇවිත් තිබෙනවා ඔබට මතක ඇති. Samsung, Huawei හා Apple යන සමාගම් කාලයක් තිස්සේම අනෙ

මේ නිසා බොහෝ විශ්ලේෂකයින් අනුමාන කරන පරිදි නුදුරු අනාගතයේදීම Xiaomi සමාගම විසින් Samsung සමාගම අතික්‍රමණය කර ලොව විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයා බවට පත්වනු ඇති.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ SamMobileවෙබ් අඩවිය භාවිතා කළ හැක.