පසුගිය මාසයේ සිට Beta සංස්කරණයක් ලෙස Twitter සමාගම විසින් third-party sign-up පහසුකමක් අත්හදා බැලිමෙන් පසුව, iOS හා Android සඳහා Apple ID හෝ Google Account එක භාවිතයෙන් Signup හා Login වීමට හැකි පහසුකමක් එළිදක්වා තිබෙනවා.

Twitter සමාගමේ නිළ Twitter Support ගිණුම හරහා මේ පිළිබඳව තහවුරු කර සිටින අතර Google Account එක හරහා Sign Up වන්නේ නම්, iOS, Android සහ Web App එක හරහා ද එය සිදුකරගත හැකි නමුත්, Apple ID එක භාවිතා කර Sign Up විය හැක්කේ තවමත් iOS වලදී පමණක් බව ද වාර්තා වෙනවා.

එමෙන්ම ඔබ දැනට භාවිතා කරන Twitter Account එක වෙනුවෙන් වන Apple ID හෝ Google සඳහා භාවිතා කර ඇත්තේ එකම Email ගිණුමක් නම් දැනට පවතින Twitter ගිණුමට Log වීමට එම ගිණුම් භාවිතා කළ හැකි බවද Twitter Support ගිණුම හරහා තහවුරු කර තිබෙනවා.

කෙසේ වුවත් Apple ID එක Web App එක සමඟින් භාවිතා කිරීමේ හැකියාව තවමත් ලබාදී නොමැති නමුත්, නුදුරේදීම මෙයද ලබාදීමට සූදානම් වන බව Twitter Support නිළ Tweet එක හරහා තව දුරටත් සඳහන් කර තිබෙනවා.

කෙසේ නමුත් තවමත් සහය නොදක්වන Apple web පරිශීලකයින් හට ගිණුමක් සාදා අවසන් වු පසු නැවත එහි Password එක වෙනස් කිරීමේ ක්‍රමයක් Twitter Support Page එකෙහි සඳහන් කර නොමැති බව ද The Verge වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

කෙසේ වුවත් Google account එක හරහා sign up වීමේදී මෙවැනි ගැටලුවකින් තොරව Twitter ගිණුමෙන් Google Account එක disconnect කිරීමෙන් පසුව Password එක reset කර ගැනීමට අවස්ථාව හිමිවෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, Engadget වෙබ් අඩවිය සහ 9to5mac වෙබ් අඩවිය භාවිතා කළ හැක.