Huawei සමාගම  විසින් පසුගිය අප්‍රේල් මාසයේ සිට EMUI 9.1 පරීක්‍ෂා කිරීම කටයුතු ආරම්භ කළ ඇති අතර Huawei සහ Honor brnad name යටතේ නිකුත් කළ ජංගම දුරකථන 10 කට මෙහි stable සංස්කරණය නිකුත් කිරීමට සූදානමින් සිටින බව Weibo වෙබ් අඩවිය හරහා නිවේදනයක් නිකුත් කරමින් EMUI කණ්ඩායම ප්‍රකාශ කර සිටිනවා.

මේ අනුව

  • Huawei Mate 10
  • Huawei Mate 10 Pro
  • Huawei Mate 10 Porsche Design
  • Huawei Mate RS Porsche Design
  • Huawei P20
  • Huawei P20 Pro
  • Huawei Nova 3
  • Honor 10
  • Honor V10
  • Honor Play

යන ජංගම දුරකථන වලට මූලිකව මෙම update එක ලබාදීමට නියමිත වන අතර අලුත් සංස්කරණය තවමත් Android Pie මත පදනම් වී තිබෙනවා.

මෙහි GPU Turbo 3.0 පහසුකම අන්තර්ගත වන අතර ඒ හරහා graphic processing unit එකේ වැඩිදියුණු කිරීමක් සිදු කර තිබෙන බැවින්, Gaming වලදී වඩාත් හොඳ අත්දැකීමක් ලබා ගැනීමටත්, battery life එක දිගු කරගැනීමටත් හැකියාව ලැබෙන බව ඔවුන් පෙන්වා දෙනවා.

මීට අමතරව මෙය EROFS, එහෙමත් නැතිනම් Extendable Read-Only File System භාවිතා කරනු ලබන බැවින් read speed එක 20%කින් පමණ වැඩි වවන බවත්, 2GB පමණ storage space එකක් ද ඉතිරි කරගැනීමේ හැකියාව ලැබෙන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Huawei වෙබ් අඩවිය, Huaweicentral‍ වෙබ් අඩවිය, GSM Arena වෙබ් අඩවිය හා Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.