Xiaomi සමාගම විසින් ඔවුන්ගේ Xiaomi Redmi K20 ජංගම දුරකථන මාදිලිය නිකුත් කරනු ලැබුවේ මීට මාස කිහිපයකට පෙර වන අතර මේ වන විටත් එහි මීළඟ සංස්කරණය වන K30 ජංගම දුරකථනය ගැන විස්තර වාර්ථා වෙනවා.

Redmi සමාගමේ සාමාන්‍යාධිකාරී Lu Weibing මහතා විසින් ඔහුගේ නිළ Weibo page එක හරහා නිවේදනය කර ඇති පරිදි මේ Redmi K30 ජංගම දුරකථනයේ 5G තාක්ෂණය ඇතුලත් වෙනවා.

කොහොම නමුත් මේ පිළිබඳව වෙනත් විස්තර කිසිවක් තවමත් වාර්ථා නොවන නමුත් මෙහි විශේෂත්වය වන්නේ මේ වන විට නිකුත් කර ඇති සහ නිකුත් කිරීමට නියමිත සෑම 5G ජංගම දුරකථනයක්ම පාහේ ඉතාමත් මිලෙන් වැඩි ඒවා වුවත් මේ Redmi K30 ජංගම දුරකථනය ඒ තරම් මිළ අධික නොවන මාදිලියක් වීමයි.

මීට අමතරව HMD Global සමාගම ද 5G තාක්ෂණය සහිත, මිලෙන් අඩු ජංගම දුරකථනයක් වෙළඳපොලට ඉදිරිපත් කිරීමට සූදානම් වන බව පසුගිය දින වල වාර්ථා වූ අතර එය 2020 වර්ෂයේදී එළිදැක්වීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය හා Android Authority වෙබ් අඩවිය භාවිතා කළ හැක.