පසුගිය වසර කිහිපය තුළ කුඩා ප්‍රමාණයේ videos share කරගන්නා platforms වැඩි වශයෙන් ජනප්‍රිය වී ඇති අතර TikTok සේවාවේ ජනප්‍රියතාවය නිසාම වෙනත් social media platforms ද short video sharing platforms සඳහා වැඩි අවධානයක් යොමු කර තිබෙන බව දැකගැනීමට හැකියාව ලැබුණා.

TikTok තහනමෙන් පසු Instagram වල Reels විශේෂාංගය ඉන්දියාව තුළ අත්හදාබැලීමට Facebook ආයතනය කටයුතු කරයි
ජාතික ආරක්ෂාව වෙනුවෙන් TikTok ඇතුළු තවත් apps ගණනාවක් අවහිර කර දැමීමට ඉන්දියානුරජය පියවර ගත් බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති. ජාතික ආරක්ෂාව වෙනුවෙන් TikTok, Share It, UC Browser ඇතුලු apps 59 ක් ඉන්දියාවතුළ තහනම් කිරීමට ඉන්දියානු රජය කටයුතු කරයිඉන්දියාව සහ චීනය අතර පසුගිය දින වලදේශසීමා න…

මේ වනවිට, Reddit ආයතනය විසින්ද short-form video platform එකක් වන Dubsmash සේවාව අනාවරණය නොකළ මුදලකට මිලදී ගෙන ඇති බවට වාර්තා වන අතර මිලදී ගැනීමෙන් පසුවද Dubsmash සේවාව වෙනම app එකක් ලෙස පවතිනු ඇති බවද වාර්තා වෙනවා.

නමුත්, Reddit ආයතනය විසින් එහි video creation tools ඒකාබද්ධ කිරීමටද සැලසුම් කර ඇතැයි වාර්තා වන අතර ඒ පිළිබඳව පැහැදිලි තොරතුරක් තවමත් දැනගැනීමට හැකියාව ලැබෙන්නේ නොමැති වෙනවා.

මෙම Dubsmash platform එක TikTok තරම් ජනප්‍රිය නොවූවත්, එය ජනවාරි මාසයේදී මසකට වීඩියෝ දර්ශන බිලියනයක සීමාව පසු කළ අතර එය එක්සත් ජනපදයේ දෙවැනියට වැඩියෙන්ම install කරන ලද short-form video app එකද වෙනවා.

Dubsmash - Create & Watch Videos - Apps on Google Play
Dubsmash believes in the power of representation through video. By empowering all creators and communities to thrive on the platform, we aim to celebrate each others differences. Dubsmash’s algorithms are designed to promote creativity and diversity. We support POC creators and aim to ensure a safe…
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Reddit blog අඩවිය සහ Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.