Epic Games වෙබ් අඩවිය විසින් දැනටමත් සෑම සතියකම නොමිලේ games ලබාදීමට කටයුතු කරන අතර මීළඟ බ්‍රහස්පතින්දා සිට ඔබට සෑම දිනකම නොමිලේ games ලබාගැනීමට හැකියාව පවතිනවා.

නිවාඩු දින සැමරීම සඳහා, Epic free games program එක මඟින් දින 15 ක් තුළ නොමිලේ Games 15ක් ලබාදීමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වන අතර Epic Games ආයතනය විසින් පසුගිය වසරේදී මෙවැනිම promotion එකක් ලෙස නොමිලේ Games 12 ක් නිකුත් කරනු ලැබුවා.

මෙම Epic free games program එක සඳහා ඔබට සහභාගීවීමට අවශ්‍ය වන්නේ නොමිලේ නිර්මාණය කරගත හැකි Epic Games account එකක් පමණක් විම සුවිශේෂී කාරණයක් වෙනවා.

කෙසේ නමුත්, Epic free games program එක හරහා ලබාදීමට නියමිතව ඇති Games පිළිබඳව තොරතුරක් තවමත් වාර්තා නොවන අතර මෙම promotion එක දෙසැම්බර් 17 වැනි බ්‍රහස්පතින්දා සිට දින 15 ක් තිස්සේ ක්‍රියාත්මක වීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා.

නොමිලේ Games ලබාදීමට අමතරව, Epic Games ආයතනය විසින් ලබන සතියේ සිට holiday sales event එකක් ආරම්භ කිරීමට සූදානමින් සිටින අතර, ඒ හරහා games සිය ගණනක් සඳහා ඉතා ඉහල වට්ටම් ලබාගැනීමට හැකිවනු ඇතැයි ද වැඩිදුරටත් දැනගන්නට ලැබෙනවා.

එමෙන්ම, පහත දක්වා ඇති වෙබ් අඩවියට පිවිසීමෙන් බ්‍රහස්පතින්දා සිට ලබාදෙන Games මොනවාදැයි බලාගැනීමට ඔබට හැකියාව තිබෙනවා.

The Epic Games Store Holiday Sale is back on December 17, bringing you the gift of great discounts and 15 Days of FREE Games!
The Epic Games Store Holiday Sale is coming soon! Enjoy deals up to 75% off and 15 Days of Free Games starting December 17.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Epic Games වෙබ් අඩවිය සහ Game Spot වෙබ් අඩවිය භාවිතා කළ හැක.